ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යුද සැමරුම් පෙළපාළියට 7300ක පිරිසක්

    මැයි 19, 2015

    යුද ජයග්‍රහණය ලබා වසර 06ක් සපිරෙන අද (19) පෙරවරු 8.00 සිට මාතර සමුද්‍ර මාවතේ පැවැත්වෙන රණවිරු සැමරුම් උළෙල සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරමින් 7300ක ආසන්න නිලධාරීන් ඇතුළු භට පිරිසක් සහභාගි වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

     
    ඒ අනුව අද පැවැත්වෙන පෙළපාළියට යුද හමුදාව නියෝජනය කරමින් 3255ක පිරිසක්, නාවික හමුදාව නියෝජනය කරමින් 1615ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් 916ක්,  ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් 959ක් හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 555දෙනෙකු සහභාගි වෙති. මීට අමතර ව ආබාධිත භට පිරිස් මෙන් ම ප්‍රථම වරට විශ්‍රාමික හමුදා නිලධාරීන් ද සහභාගිවන මෙම ආචාර පෙළපාළිය සඳහා මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා විසින් අණ දෙනු ලබයි.
     
    මීට අමතර ව යුද හමුදාවට අයත් රෙජිමේන්තුවවල මෙන් ම ගුවන් හා නාවික හමුදාවන් ට අයත් විශේෂ රථවාහන ඇතුළුත් රථ පෙළපාළියක් ද පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya