ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් ගත වූ කාන්තාවන්ගේ සුභසිද්ධිය සොයා බැලීමට කමිටුවක් අවශ්‍යයි Featured

    මැයි 20, 2015

    කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවීම අවම කිරීම සහ දැනට විදෙස් ගත වූ කාන්තාවන්ගේ සුභසිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

     

    විශේෂයෙන් ගෘහ සේවය සඳහා දැනට විදෙස්ගත වන කාන්තාවන් බහුතරයක් විවිධ හිරිහැර සහ පීඩාවන්ට ගොදුරුවීමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ.

     

    ඒ අනුව, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා විසින් “මෛත්‍රී පාලනයක්: ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි මැද පෙරදිග ඇතුළු විදේශයන්හි සේවයෙහි නිරත ගෘහ සේවිකාවන්ගේ ශ්‍රී ලංකාවෙහි වාසය කරන පවුල් රැක බලාගැනීම සඳහා විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානයට ලිපියක් යොමු කරන ලදී.

     

    එම කරුණු පිළිබඳව රජයේ අවධානය යොමු කරමින්, කාන්තාවන් විදේශ ගතවීම් අවම කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් සහිත ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya