ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජගත් බොදු සමුළුව හරහා නව යුගයක පුනරුදයක් ඇති කරන්න පුළුවන් Featured

    මැයි 20, 2015

    ජගත් බොදු සමුළුව හරහා නව යුගයක පුනරුදයක් ඇති කරන්න පුළුවන් යැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම වඩාත් ශක්තිමත් කරගන්නටත් මෙම සමුළුව හරහා අවස්ථාවක් උදා වෙන්න යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

     

    අද (20) යාපනයේ වීරසිංහම් ශාලාවේ දී ආරම්භ වූ ජාත්‍යන්තර තලයේ බොදු සමුළුවේ සමාරම්භ අවස්ථාවේ දී සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව ‘කරුණාව‘ මූලික කරගනිමින් අද දිනය පුරා පැවැත්වේ.

     

    පැමිණ සිටින ඉන්දීය නියෝජිත මණ්ඩලය ඇතුළු පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුභාශිංසන පිරිනමන බවත් මේ සම්මේලනය, බුදු හාමුදුරුවන් දෙවන වර වැඩම කළ යාපනය නගරයේ පවත්වන්නට ලැබීම සතුටට කරුණක් බවත් කරු ජයසූරිය මහතා පැවසීය.

     

    ඈත අතීතයේ දී බෞද්ධ ආගමට විශාල මෙහෙවරක් කළ යාපනයේ සිටි බුද්ධඝෝෂ හිමි සහ නාගඅර්ජුන හිමි වැනි දෙමළ භික්ෂුන් වහන්සේලා ගෞරවාදරයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන රැසක් තිබෙන යාපනය අනාගත ලෝකය වෙනුවෙන් ආරක්ෂ කරගත යුතු බව ද කියා සිටියේය.

     

    මැලේසියාව, බංගලාදේශය හා මාලදිවයින වැනි රටවල ද බුදු දහම තිබුණ ඒවා පුරන් වෙමින් පවතින බවත් වසර 2300ක පමණ සිට ශ්‍රී ලංකාවේ බුදු දහම පැවතගෙන එන බවත් මෙම සමුළුව ඒ වසර 2300ක් පුරා රැකගත් බුදු දහමට තවත් ශක්තියක් එක්කරන බවත් ඔහු පවසා සිටියේය.

     

    පසුගිය කාලයේ ලේ හැලිලා අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටිලා තිබුණ ඒ සියලු දේ නැවත ගොඩ නඟාගෙන ශ්‍රී ලාංකිකයන ලෙස ජීවත් වෙන්න අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    යාපනයේ නාගවිහාරාධිපති හිමියන් විසින් සමුළුවේ පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. දීඝ නිකායේ ඉංග්‍රීසි පරිවර්තනයක් දෙමළ භාෂාවට පරිවර්තනය කළ පොතක් සහ තවත් පොතක් මෙහි දී එළි දැක්විණි.

     

    මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ බානගල උපතිස්ස හිමි, යාපනයේ සර්වාගමික සංගමයේ ලේකම් ද සමාරම්භක අවස්ථාවේ දී සභාව ඇමතූහ.

     

    ආරම්භක සැසියෙන් අනතුරුව පැවැත්වෙන කුඩා සැසි දෙකක දී බුදුන් වහන්සේගේ "මහා කරුණාව" සම්බන්ධයෙන් පත්‍රිකා 08ක් සාකච්ඡාවට භාජනය වනු ඇත.

     

    ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා, නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, අග්‍රාමාත්‍ය ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් යන මහත්වරු ඇතුළු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය ඇතුළු කලාප 4ක දෙමළ බෞද්ධයන් හා ශ්‍රී ලංකාවේ බෞද්ධාගමිකයන් පිරිසක් ද මීට සහභාගී වෙති.

     

    SDF/DBkaru5

    karu3karu7karu4karu6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya