ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආරක්‍ෂක අමාත්‍යංශය ජාතික ජනරජ දිනය සමරයි

    මැයි 22, 2015
    අද (22)ට යෙදී ඇති  ශ්‍රී ලංකාවේ ජනරජ දිනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවති උත්සවය ආරක්‍ෂක ලේකම් බි.එම්.යූ.ඩි. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    මෙහිදී අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඉදිරියේ දී ආරක්‍ෂක ලේකම්තුමා විසින් ජාතික ධඡය එසවීමෙන් අනතුරු ව සියලු දෙනා එක්ව ජාතික ගීය ගායනා කරන ලදී.
     
    බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය අද (22) ට යෙදී ඇත. 
     
    බ්‍රිතාන්‍යය හඳුන්වා දුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් කෙටුම්පත් කෙරුණු ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්වේ. එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූයේ 1972 මැයි 22දාය.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ඉන්දු රත්නායක, සහකාර ලේකම්වරු, නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya