ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රමාද වූ ගාල්ල නගර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

    මැයි 24, 2015

    ලෝක උරුමයක් වූ ගාල්ල නගරය සංස්කෘතික, සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කළ උපාය මාර්ගික නගර ව්‍යාපෘතියේ ප්‍රමාද වූ කටයුතු කඩිනම් කිරිමට තමා මුලිකත්වය ගෙන කටයුතු කරන බැවින් දේශපාලන භේදයකින් තොරව ගාලූ පුරයේ දියුණුවට කැමැත්තක් දක්වන දෙස් විදෙස්හි ජීවත් වන විද්වතුන්ට හා පුරවැසියන්ට දකුණුලක සුන්දර නගරය නිර්මාණය කිරීමට ඔබේ අදහස් හා යෝජනා නොපමාව ඉදිරිපත් කරන්න යැයි ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලීමක් කරයි.


    ඇමතිවරයා එසේ සඳහන් කලේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ප‍්‍රගති සමාලෝචනය සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති රැස්වීමේදීය.

    නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ගාලූ නගරය සංවර්ධනය සඳහා ලෝක බැංකු ආධාර රුපියල් මිලියන 6500 ක් පසුගිය වසරේ ලබාගෙන ඇති නමුත් එහි නිසි සම්බන්ධිකරණයක් හා විධිමත් පාලනයක් නොතිබීම නිසා මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඵලදායි ලෙස ක‍්‍රියාවට නංවා නොතිබිණි.

    පසුගිය සති අන්තයේ ගාල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රුස්වීමේ දි මෙම ව්‍යාපෘතීන් කටයුතු ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ තත්ත්වය වාර්තා වීමත් සමඟ ගාලූ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති ගයන්ත කරුණාතිලක මහතා වහාම මැදිහත් වී ගාල්ල දිස්ති‍්‍රක්කයේ මහජන නියෝජිතයන් හා ඊට අදාළ ආයතන නිලධාරීන් ඒකරාශි කර මෙම ප‍්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි.

    පසුගිය රජය සමයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති වත්මන් රජය විසින් නතර කරන බවට සමහර පිරිස් අසත්‍ය තොරතුරු ප්‍රචාරයක් ගෙන යන ගියත් එවැනි දෙයක් සිදු වී නැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම ගාලූ නගර ව්‍යාපෘතිය 2014 - 2019 පස් අවුරුදු සැලැස්මක් තුළ ආරම්භ කිරීමට නියමිත වුවත් රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබීම හේතුවෙන් එය පසුගිය වසර පුරා ආරම්භ නොවූ බව ද සඳහන් කළේය.

    ගාලු නගරය දේශපාලන පක්ෂයන්ට අයිති වූවක් නොව එය මුළු රටේම අභිමානය ලෝකයට ගෙන යන ලෝක උරුමයක්. එම නිසා මෙම නගර සංවර්ධනය සැලසුම් කළ පරිදිම 2019 නිම කිරීමට මම මූලිකත්වය ගෙන කි‍්‍රයා කරන බවත් සියලුම මහජන නියෝජිතවරුන්ගෙන් ඊට අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවත් අමත්‍යවරයා සඳහන් කළේය.

    වසරක් පුරා මන්දගාමීව කළ කටයුතු ඉදිරි සිව් වසර තුළ නිම කිරීමට සියලු දෙනා එකමුතුව කටයුතු කරමු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවැසීය.

    මෙම අවස්ථාවට මෙම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පෙරටුගාමි පක්ෂයේ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර යන පාර්ලිමේන්තු මහජන නියෝජිතවරුන්, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර දිසානායක සහ දකුණු පළාත්සභා හා ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් සහභාගි වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya