ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2017 ජාත්‍යන්තර වර්ණිත මැණික් සංගමයේ කොංග්‍රසය ඉන්දියාවේ දී

    මැයි 25, 2015

    මීළඟ 2017 ජාත්‍යන්තර වර්ණිත මැණික් සංගමයේ කොංග්‍රසය (ICA Congress 2017) ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර සම්මේලනයේ ප්‍රවෘත්ති හරහා සියලු සහභාගීවූ රටවල් සම්බන්ධ කරමින් පොදු වෙබ් අඩවිය ඇති කෙරෙන බව, ජාත්යන්තර වර්ණිත මැණික් සංගමයේ සභාපති බෙන්ජමින් හැක්මන් මහතා පැවසීය.

     

    2015 තෙදින ජාත්‍යන්තර වර්ණිත මැණික් සංගමයේ කොංග්‍රසය (ICA Congress 2015) පසුගියදා කොළඹ දී අවසන් විය. මෙවර කොන්ග්‍රසයේ සත්කාරක රට වූ ශ්‍රී ලංකාව, මේ සා විශිෂ්ඨ අංග රැසක් සංවිධානය කරමින් සිය සම්භාව්‍ය ප්‍රදර්ශනය කළ බව හැක්මන් මහතා සඳහන් කළේය.

     

    බොහෝ දුරට මෙය ජාත්‍යන්තර වර්ණිත මැණික් සංගමයේ කොංග්‍රසය පිළිබඳ ඉතිහාසයේ ඉහළම සහභාගිත්වයක් පෙන්වූ සමුළුව වේ.

     

    මෙය ශ්‍රී ලංකාවේ වසර 26කට පසු ජාත්‍යන්තර වර්ණිත මැණික් සංගමයේ කොංග්‍රසය සඳහා සත්කාරකත්වය සැපයූ දෙවන අවස්ථාව ය. 300 කට අධික නියෝජිතයින් පිරිසක් සහභාගී වූ මෙම සමුළුව දේශීය ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කරගැනීමට හා ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීමට ඉමහත් සහයක් විය හැක. මෙය ඉදිරි වසර දෙක තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක උත්පාදනයකට ද අවස්ථා සපයනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya