ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සිවිල් දෙපාර්තමේන්තු ස්ථීර පත්වීම් ප්‍රදානය ජනපති සුරතින් Featured

    මැයි 26, 2015

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් 39,100ක් සඳහා විශ්‍රාම වැටුප් සහිත ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 31දා පස්වරු 2.00ට මැදිරිගිරිය ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

     
    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෑම බලකායක් ම නියෝජනය වන අයුරින් තෝරාගන්නා ලද සේවකයන් 28දෙනෙකු සඳහා මෙහිදී සංකේතාත්මක ලෙස ජනාධිපතිතුමා අතින් ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කරන අතර එයට අමතර ව සුවසවිය චෙක්පත් ප්‍රදානය කිරීම සහ සේවා වනිතා ලොතරැයි පත ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
     
    මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12,000කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
     
    ඒ අනුව 2015.04.23වන දිනය වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන සියලු දෙනා විශ්‍රාම වැටුප් සහිත ස්ථීර රජයේ සේවකයන් බවට පත් වන අතර දෛනික වැටුප් ලබාගත් ඔවුන් සියලුදෙනාගේ වැටුප ඉන් අනතුරුව අවමය රුපියල් 1000කින් පමණ වැඩි වේ. ඒ අනුව දෛනික වැටුප් ලැබීමේ දී දිස්ත්‍රික් නිලධාරීන්ගේ මාසික වැටුප වූ රුපියල් 34880ක මුදල රුපියල් 37871ක් දක්වා 7.9%කින් ද, නියාමකවරයෙකුගේ වැටුප වූ රුපියල් 33,282ක ප්‍රමාණය රුපියල් 35,944ක් වශයෙන් 7.4%කින් ද, උප නියාමකවරයෙකුගේ වැටුප වූ 31,902ක මුදල රුපියල් 34,253ක් වශයෙන් 6.8%කින් ද සිවිල් ආරක්ෂක භටයෙකුගේ 30,522ක් වූ වැටුප 6.3%කින් වැඩිවෙමින් 32,591ක් බවට පත් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya