ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාධ්‍යවේදීන්ට මෙන් කලා ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහාත් ඉදිරියේදී පහසුකම් Featured

    මැයි 27, 2015
    මාධ්‍යවේදීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි දුරබැහැර සිට කොළඹට පැමිණ වෘත්තීය කටයුතුවල නිරතවන කලා ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර 
    මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (27) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.
     
    මාධ්‍ය වේදීන් වෙනුවෙන් ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කරන බවට අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සිටි අවස්ථාවේත් ප්‍රකාශ කළා. එතුමා මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න ගැන හොඳින් අවබෝධ කර ගෙන සිටිනවා. ජනාධිපතිතුමාගේ තීරණයක් අනුව මාධ්‍යවේදීන් සඳහා පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් දුරබැහැර සිට කොළඹට පැමිණ කටයුතු කරන පිරිස සඳහා විශේෂ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පියවර ගෙන තියෙනවා. ඒ සඳහා හෝමාගම, දියගම ප්‍ර දේශයේ අක්කර 100කට වැඩි බිම් ප්‍රමාණයක් වෙන් කර තියෙනවා.
     
    ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගන්න කඩිනමින් කටයුතු කරන අතර ඊට අදාළ ආයෝජන වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා, ලේකම්තුමා ඇතුළු නිලධාරීන් ජපන් රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ක්‍රීඩා, වෙළෙඳ පහසුකම් ඇතුළු සියල්ල සමන්විත නිවාස 1500කින් යුත් නිවාස ව්‍යාපෘතියක් මෙහි ක්‍රියාත්මක කරන්න නියමිතයි. මාද්‍ය පුරයක් ලෙස ස්ථාපිත කරන මේ නිවාස කොළඹට පැමිණ ඉතා අඩු පහසුකම් යටතේ නේවාසිකව සිටින රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් හි සේවය කරන මාධ්‍යවේදීන් සඳහා ලබා දෙනු ඇත. සහන මිලකට තමන්ගේ ම අයිතිය යටතේ ලබා දෙන මේ නිවාස ඉදිකරන්න යන වියදම පමණක් පහසු ගෙවීමේ ක්‍රමයක් යටතේ අය කර ගනු ලබනවා. නිවාස බෙදාදීමේදී දේශපාලන පක්ෂ, පාට බලන්නේ නැතුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධ කර ගෙන සිදු කරනවා. කොළඹ නිවාස හිමි අයට නව නිවාස නොදෙන අතර ක්‍රමවත් හා විධිමත් අයුරින් ලබා දෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya