ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බේරුම්කරණ මධ්‍යස්ථානය අද විවෘත වෙයි Featured

    ජූනි 05, 2015
    රටට විදේශ විනිමය ගෙන එන ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර ගොඩනැගිල්ලේ 22 වන මහළේ දී අද (05) විවෘත වන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදි වෘත්තිමය නීති සේවා සැපයිමේ ආයතනයක් ශ‍්‍රි ලංකාවේ මිට පෙර ස්ථාපිත නොවීමෙන් සිංගප්පූරුව එංගලන්තය වැනි රටවලින් ජාත්‍යන්තර බේරුම්කරණ සේවා ලබා ගැනිමට සිදු විමෙන් විශාල මුදල් සම්භාරයක්  විදේශ රටවලට ඇදියාම වළක්වා ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ශ‍්‍රි ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනිමට අවස්ථාව උදා කරමින්  ස්ථාපිත කෙරෙන මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය විවෘත වේ.
     
    නිතිඥ සේවාව ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා විදේශිය වෙළෙඳ ගනුදෙනුවලදි ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය හරහා සේවා ලබාදිමට හැකිවිම ශ‍්‍රි ලංකාව ලැබු ජයග‍්‍රහණයක් බව අධිකරණ අමාත්‍යාංශ්‍ය අවධාරණය කරයි.
     
    1995 අංක 11 දරණ බේරුම්කරණ පනත යටතේ දේශිය බේරුම්කරණ ආයතන දෙකක් මේ වන විට ශ‍්‍රි ලංකාවේ ක‍්‍රියාත්මක වුවද ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත වන්නේ ප‍්‍රථම වරටය.
     
    අධිකරණ අමාත්‍යාංශයේ මුල්‍ය ප‍්‍රතිපාදන මත මිලියන 100ක් වැය කරමින් ස්ථාපිත කර ඇති මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයෙන් ලෝකයේ ඕනෑම රටක ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර බේරුම්කරණ කටයුතුවලදි සේවාවන් සැපයීමට හැකි වන ලෙස මෙය ස්ථාපිත කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya