ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජගත් ජාතික සාගර දින සැමරීම හෙට Featured

    ජූනි 07, 2015

    ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

    1992 වසරේ බ්‍රසීලයේ රියෝ දි ජෙනයිරෝ නගරයේ පැවති මිහිතල සමුළුවේදී ජගත් ජාතික සාගර දිනය සැමරීමේ සංකල්පය ඉදිරිපත් වූ අතර එම අදහස 2008 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් පිළි ගැනීමත් සමඟ ලෝකයේ විවිධ ජාතීන් සෑම වසරකම ජුනි මස 08 වෙනි දින ජගත් ජාතික සාගර දිනය සමරනු ලැබේ.

    ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ජගත් ජාතික සාගර දින සැමරීමේ ජාතික වැඩසටහන සංවිධානය කරනු ලැබේ. මෙවර සාගර දිනයේ තේමාව "Healthy Oceans, Healthy Planet" යනුවෙන් නම් කර ඇත.

    මිහිතලය මත ජීවය පවත්වා ගැනීමේදී, සාගරය හා ඒ හා බැඳුණු පරිසරය වැදගත් මෙහෙයක් ඉටු කරනු ලැබේ. ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ හා ඒ හරහා සාගර පරිසරය ආරක්ෂා කිරීම සඳහා වූ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, CINEC ආයතනයේ මහාචාර්ය නාලක ජයකොඩි යන මහත්වරු මෙහිදී විශේෂ දේශන දෙකක් පවත්වති. එමෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් සම්පාදනය කරනු ලබන "සත්සමුදුර" සඟරාව එළි දැක්වීමද මෙදින සිදු කෙරේ.

    මීට අමතරව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන ලද රචනා හා කාව්‍ය නිර්මාණ තරගයේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන්ට තිළිණ හා සහතික පත් ප්‍රදානය කිරීම ද මෙදින සිදු කෙරේ. තවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් සිදු කරනු ලබන නැව්වල ජනනය වන අප ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් අන්තර්ජාල පහසුකම් හරහා අදාළ සේවා සපයන්නන් සම්බන්ධීකරණය කිරීම හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියද මෙදින ආරම්භ කිරීමට නියමිතය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya