ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය Featured

    ජූනි 09, 2015

    නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ (08) කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 255ක් නියෝජනය වන පරිදි ගෙන ආ මැතිවරණ ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීන් 225කගේ නියෝජනය සිදුවන පරිදි නව මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සඳහන් කළේය.

     

    එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොග්‍රසය නියෝජනය කරමින් එම පක්ෂ සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු, අමාත්‍ය මණ්ඩලය විසින් අවසානයේ මන්ත්‍රීවරුන් 225ක ව්‍යවස්ථාදායකයට අනුමැතිය හිමි විය.

     

    මේ අනුව මන්ත්‍රීවරු 125ක් කොට්ඨාස ක්‍රමයට ද, මන්ත්‍රීවරු 75ක් සමානුපාතික නියෝජන ක්‍රමයට ද අනෙක් 25 ජාතික ලැයිස්තුවෙන් ද තෝරාපත්කර ගැනීමට නි‍යමිතය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පැවසුවේ මන්ත්‍රී ධුර 225ක් ක්‍රියාත්මක කිරීමෙන් සුළු පක්ෂ හා කුඩා පක්ෂවලට අසාධාරණයක් ඉටු නොවන පරිදි සීමා නීර්ණ යටතේ තෝරාගැනීම් සිදු කෙරෙනු ඇති බව ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya