ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එංගලන්ත ආරක්ෂක රාජකීය විද්‍යාල නියෝජිත පිරිස ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවේ

    ජූනි 10, 2015
    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන චාරිකාවක නියුතු එක්සත් රාජධානියේ ආරක්‍ෂක අධ්‍යනය පිළිබද රාජකිය විද්‍යාලයේ 14 දෙනෙකුගෙන් සමන්විත හමුදා නිලධාරින් පිරිසක් පසුගිය දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වන ලදි.
     
    මෙහිදි මෙම එක්සත් රාජධානි නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.
     
    අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා අතර සිහිවටන තිළිණ හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya