ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    1 ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව 35ට සීමා වෙයි

    ජූනි 10, 2015

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී සමාන්තර පන්තියක සිටිය යුතු උපරීම සිසුන් සංඛ්‍යාව ලබන වසරේ සිට 35කට සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2007 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව ශ්‍රේණ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු අංක 289/2007 සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව අනුව (නඩු අංක 235/2011 සහ 232/2011) 2016 වර්ෂයේ සිට පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35ට සීමා විය යුතු බව නිශ්චය කර ඇත.

    නමුත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ පැන නගින ගැටලු පැහැදිලි කරමින් පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත අංක 14/1745/580/060 හා 2014.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් කටයුතු කිරීමේ අවශ්‍යතාව තහවුරු කරන ලදී.

    ඒ අනුව එම තීරණ ප්‍රකාර 2016 වර්ෂයේ සිට රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු උපරීම සිසුන් සංඛ්‍යාව 35ක් ලෙසට සලකා කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන යෙදිය යුතු වේ.

    1 ශ්‍රේණිය පන්තියක සිසුන් සංඛ්‍යාව 35ක් වශයෙන් නිශ්චය කිරීමේ සාධාරණීකරණය පිළිබඳ ව අමාත්‍යාංශය කරුණු පෙන්වා දෙයි.

    ඒ අනුව 1 ශ්‍රේණියේ සිසුන් සාමාන්‍ය අධ්‍යාපනයේ ආරම්භක පියවර තබන පිරිසක් ලෙසට ගුරුවරයා හා දරුවා අතර මානා සම්බන්ධතාවයකින් යුතු ව ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට අවතීරණ කර ගැනීමට සිදු විය යුතු බව සියලු අධ්‍යාපඥයින්ගේ මතය වේ. එහි ආරම්භක පියවරේදී ම මෙම දරුවන්ට පාසල් අධ්‍යාපනය කෙරෙහි සෘණාත්මක බලපෑමක් නොව පරිදි ඉගැන්වීම් කාර්යය ආකර්ශනීය කර ගෙන යාමට නම් පංතියක සිසුන් සංඛ්‍යාව අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන්ට අවශ්‍ය ආදරය, සෙනෙහස හා රැකවරණය ලැබෙන පරිදි මෙහෙයවිය හැකි වන සේ වූ සංඛ්‍යාවක් විය යුතු වේ. බොහෝ අධ්‍යාපන විශාරදයින්ගේ හා ළමා මනෝවිද්‍යාඥයින්ගේ මතය එවැනි අවධානයක් යොමුකළ හැකි වන්නේ පන්තිය ළමුන් සංඛ්‍යාව 35ක් පඹණ වන විට දී බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    නමුත් වර්තමානය වන විට සමහර පාසල්වල 1 ශ්‍රේණියේ සමාන්තර පන්තිවල සිසුන් සංඛ්‍යාව 45- 50ක් හෝ ඊට වැඩි අගයක් දක්වා වර්ධනය වීම තුළ අධ්‍යාපනික වශයෙන් ඉතාමත් අයෝග්‍ය තත්ත්වයක් මතු වී ඇත.

    දැනට දිවයිනේ පාසල් 8038ක 1 ශ්‍රේණිය සඳහා ළමුන් සංඛ්‍යාවේ සාමාන්‍ය වන්නේ 23.4කි. නමුත් තවත් පාසල් 914ක් 1 ශ්‍රේණියේ ළමුන්ගේ සාමාන්‍ය 44.2ක් වේ. මේ අනුව ප්‍රාථමික පන්ති පැවැත්වෙන දිවයිනේ සංඛ්‍යා ලේඛන මඟින් ද තහවුරු වනුයේ මෙම නාගරික ප්‍රදේශවල පවතින ජනප්‍රිය යැයි සම්මත පාසල්වලට සීමා වූ ගැටලුවක් මිස රටපුරා ව්‍යාප්ත වූ සමාජගත අධ්‍යාපනික ප්‍රශ්නයක් ලෙස සැලකීම යුක්ති සහගත නොවන බවයි.

    එම නිසා ගුණාත්මක අධ්‍යාපනයක් පාසල් පද්ධතිය තුළ තහවුරු කිරීම පිණිස මෙම යෝජනාව ක්‍රියාක්මක කිරීම සාධනීය පියවරක් ලෙසට සැලකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya