ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ඇමැති ජපානයේ සාමය ගොඩනැගීමේ හා ජාතික සංහිදියාව පිළිබඳ සමුළුවට

    ජූනි 11, 2015
    ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම මස 17 සිට 20 දින දක්වා සංවිධානය කර ඇති සමුළුවක ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.
     
    ජපාන විදේශ අමාත්‍ය ෆියුමියෝ කිෂිඩා මහතාගේ ආරාධනාවකට අනුව මෙහිදී මංගල සමරවිර මහතා විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ලබාගත් අත්දැකිම් ආශ්‍රයෙන් රටක සාමය ගොඩනැගීම හා ජාතික සංහිදියාව ඇති කිරීම පිළිබඳ ව ජපානයේ පවත්වනු ලබන මෙම ඉහල පෙලේ සමුළුවේ දී විශේෂ දේශණයක් පවත්වනු ඇත.
     
    එසේම මෙම ජපාන සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා ජපානය අතර දැනට පවත්නා ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයන් පිළිබඳ ව හා දෙරටේ හා කලාපයේ රටවල දේශපාලන, ආර්ථික සමාජීය හා සංස්කෘතික සම්බන්ධතාවයන් වැඩිදියුණු කිරීම පිළිබඳ ව ද ජපාන විදේශ අමාත්‍ය ෆියුමියෝ කිෂිඩා මහතා සමග සාකච්ඡා පැවැත්විමට අදහස් කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya