ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සියලූ භාෂා කතා කරන සියලූ ජාතීන් එක්ව කටයුතු කිරීම සංහිදියාවේ අඩිතාලමයි- ජනපති කියයි Featured

    ජූනි 14, 2015

    සියලූ භාෂා කතා කරන සියලූ ජාතීන් එක්ව කටයුතු කිරීම ජාතීන් අතර සංහිදියාවේ අඩිතාලම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    රටේ සංවර්ධන ඉලක්ක භෞතික සම්පත් සංවර්ධනයෙන් පමණක් ළඟා කර ගත නොහැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.ගුණාත්මකභාවයෙන් සහ විනයකින් පිරිපුන් පුරවැසියන් රටක සංවර්ධනයේ අත්‍යාවශ්‍ය සාධකයකි.

    කොල්ලූපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

    මීට වසර 75 කට පමණ පෙර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ආරම්භ වන සමයේ දී කොළඹ නගරය, රටක් ලෙස ශ‍්‍රී ලංකාව සහ ලෝකය පැවති තත්ත්වයේ සිට අද වන විට තාක්ෂණයෙන් හා විද්‍යාවෙන් විප්ලවීය දියුණුවක් අත්කරගෙන තිබේ.

    නමුත්, ඒ සමාන සීඝ‍්‍රතාවයකින් මිනිසුන්ගේ විනය සහ ගුණාත්මකභාවය සංවර්ධනය වී ඇති දැයි කල්පනා කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    මෙම උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමාට පාසල් සිසුවියන්ගෙන් සහ පාසල් ප‍්‍රජාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර පාසලට 75 වසරක් පිරීමේ ප‍්‍රීතිය ඔවුන් සමග සතුටින් බෙදා ගැනීමට ද ජනාධිපතිතුමා එක්විය.

    මෙම අවස්ථාවට මහජන සාමය හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය නීතීඥ ජෝන් අමරතුංග, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද පාසලේ විදුහල්පතිතුමිය ඇතුලු ගුරුවරුන්, සිසුන්, ආදි ශිෂ්‍යාවන් සහ දෙමාපියන් ද සහභාගීව සිටියහ.

    piru

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya