ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එජාපය සමඟ ජනපතිගේ කිසිදු පෞද්ගලික ගිවිසුමක් නැහැ - නියෝජ්‍ය විදේශ ඇමති Featured

    ජූනි 15, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු පෞද්ගලික ගිවිසුමක් අත්සන් නොකළ බවත් දඹදෙණියේ දී ජනාධිපතිතුමා සිදු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ ද එය පමණක් බවත් නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

     

    20වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් මූලධර්ම පිළිබඳව තවමත් අමාත්‍ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට අසමත් වී ඇති බවත් මීළඟ මැතිවරණය හා 20වන ව්‍යස්ථා සංශෝධනය පිළිබඳව ජනතාව අතර ගැටලුවක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා පැවසීය.

     

    එනම් මනාප ක්‍රමය සහිත පවත්නා මැතිවරණ ක්‍රමයට අනුව මීළඟ මහ මැතිවරණය පවත්වන්නට ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ පත්වන නව ආණ්ඩුවේ ධුර කාල සීමාව වන වසර 05 නිමා වීමෙන් පසුව පවත්වන මැතිවරණය සම්මත කරගන්නා සංශෝධිත නව මැතිවරණ ක්‍රමයට අනුව පවත්වනු ලැබෙන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

     

    19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට විවාද පවත්වනවිට එය කඩාකප්පල් කිරීමට විපක්ෂය මඟින් කළ ක්‍රියාව හා සමාන ක්‍රියාවක් ලෙස 20වන සංශෝධනය සම්මත කරගැනීමේ විවාද පවත්වනවිට අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒම ප්‍රකාශ කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

     

    ජනවාරි 08 වෙනිදා ජනතාව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත් කර දින 100ක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලය ලබා දුන් අතර දින 100 නිමා කර මේ වන විට එම වැඩපිළිවෙළින් සියයට 70ක් 80ක් පමණ නිමා කර ඇති බවත් දැන් ජනතාව අපේක්ෂා කරන්නේ නව ආණ්ඩුවක් බලයට පත් වී දීර්ඝ කාලීන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    ඒ සඳහා ජනතා මතයට ගරු කරමින් ඉතා ඉක්ණින් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතු යැයි ද ඒ මහතා පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya