ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජලය, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුව අද හා හෙට

    ජූනි 16, 2015
    ජලය, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ දකුණු ආසියාතික ශිෂ්‍ය සමුළුව අද (16) හා හෙට (17) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර අනිද්දා (18) දින ප්‍රධාන සමුළුවට සමගාමීව ක්ෂේත්‍ර චාරිකාවක්ද සිදු කිරීමට නියමිතය.
     
    ජලය, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමේ සහ තීරණ ගැනීමේ කාර්යයන් සඳහා ළමා හා තරුණ සහභාගිත්වය ඇතිකිරීමේ අරමුණින් පැවැත්වෙන මේ දෙදින වැඩමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනු ඇත.
     
     
    2013දී නේපාලයේ කත්මණ්ඩු නුවර 05 වන සමුළුව පවත්වා ඇත. ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් සනීපාරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ. වයස අවුරුදු 14-18 දක්වා වූ පාසල් සිසුන් වෙනුවෙන් මේ සමුළුව පැවැත්වීමට නියමිතය.
     
    ශ්‍රී ලංකාවේ සියලු ම පළාත් නියෝජනය කරමින් දේශීය සිසුන් 400ක් පමණ මේ සමුළුව නියෝජනය කරන අතර ඔවුන් ස්ත්‍රී පුරුෂ පදනමින්, විවිධ සමාජ පසුබිම් හා ජාතීන් නියෝජනය වන පරිදි පළාත් මට්ටමින් තෝරාගෙන ඇත. දකුණු ආසියාතික සහයෝගිතා රටවල් නියෝජනය වන පරිදි විදේශීය සිසුන් 19 දෙනෙකු හා භාරනරුවන් 07 දෙනෙකු සහභාගිවීමට නියමිතය.
     
    ජලය, සනීපාරක්ෂාව හා ස්වස්ථතාව යන අංශයන් හි විශේෂඥ දැනුම ඇති වෘත්තිකයන් 100 දෙනෙකු පමණ ඊට සහභාගි වන අතර එම පිරිස දෙස් විදෙස් සිසුන්ට මගපෙන්වීමේ අරමුණින් නිරීක්ෂකයන් ලෙස සහභාගිවීම විශේෂත්වයයි. 
     
    මේ සමුළුවේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.00ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
     
    නාගරික සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය/ රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය එක්ව මේ සමුළුව සංවිධානය කරන අතර මෙවර සමුළුව පවත්වන්නේ 06 වෙනි වරටයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya