ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක සමුද්‍රීය දිනයට සමගාමීව සමුද්‍රීය සතියක් Featured

    ජූනි 16, 2015
    සැප්තැම්බර් 25දිනට යෙදෙන ලෝක සමුද්‍රීය දිනයට සමගාමීව සමුද්‍රීය කටයුතු පිළිබඳ සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව සැප්තැම්බර් 21දින සිට 27දක්වා වන සතියක කාලය මෙලෙස සමුද්‍රීය සතිය ලෙසට ප්‍රකාශ කොට ඇති අතර එම සතිය තුළ විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    "සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණුව" යන්න මෙවර ලෝක සමුද්‍රීය දිනයේ තේමාව වී ඇත.
     
    සමුද්‍රීය සතියක් ප්‍රකාශයට පත් කිරීම හරහා ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට මනා ප්‍රතිමූර්තියක් ගොඩනංවාගැනීමට හැකිවන අතර ජාත්‍යන්තර සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස තම ස්ථානය තහවුරු කරගැනීමට හැකිවීම, නාවික හා සමුද්‍රීය සේවාවන්ට අදාළ ක්ෂේත්‍රයේ නියැලෙන පිරිසට මෙන් ම පාසල් සිසුන්ට, පොදු මහජනතාවට මෙන් ම සියලු ම පාර්ශවයන්ට මෙම ක්ෂේත්‍රය පිළිබඳ දැනුම හා තොරතුරු හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසීම හා අපනයන ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීමක් හා වර්ධනයක් සිදු කරගැනීමට ද අවස්ථාව සැලසේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya