ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නගර පාසල් තදබඳයට පහසුකම් සපිරි පාසල් 25ක් Featured

    ජූනි 16, 2015
    නගර ආශ්‍රිත පාසල්වල තිබෙන තදබඳය අවම කිරීම සඳහා සියලු පහසුකම් සපිරි පාසල් 25ක් අලුතෙන් ආරම්භ කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් මීට අමතරව රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකටම අවම වශයෙන් පහසුකම් සහිත පාසල් දෙකක් හෝ ආරම්භ කිරීම තම අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 
     
    එක් එක් ශ්‍රේණිවල පන්ති ගණන වැඩිකිරීමෙන් සිසු දරුවන් තුන්හාර දහසක් සිටින නගරබද පාසල්වල තදබදය අඩු කළ නොහැකි බවත්, පන්ති වැඩිකර ඒ අන්දමට දරුවන් වැඩිපුර ඇතුළත් කරගන්නට ඒවා කර්මාන්ත ශාලා නොවන බවත් 
     
    පන්තියක සිටින දරුවන් සංඛ්‍යාව වැඩිවූවිට ගුරුවරයාට පෞද්ගලිකව දරුවන් වෙත අවධානය යොමු කරන්නට නොහැකි වන අතර අවට කුඩා පාසල් මේ නිසා ඉබේම වැසී යන තත්වයට පත් වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා  මේ නිසා සෑම පන්තියකම සිසු දරුවන් සංඛ්‍යාව 35ට සීමා කරන්නට ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ඉදිරියේ දි දැනුම පාදකව, රැකියාභිමුඛව අධ්‍යාපන පද්ධතිය ප‍්‍රතිව්‍යුහගත කරන්නට පියවර ගන්නා බව පසුගිය දා  නිකවැරටිය පරාක‍්‍රම ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය  විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්  අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙම තාක්ෂණ විද්‍යාගාර විවෘත කිරීම් සම්බන්ධව ඇතැම් පිරිස් චෝදනාත්මකව කතා කරන බවත් කිසිවෙකුත් මේ කිසිවක අයිතිකරුවන් නොව භාරකරුවන් පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
     
    පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය සමයේ තමා විසින් පිහිටවනු ලැබූ යොවුන් සේනාංක සංකීර්ණ, විදුලි යෝජනා ක‍්‍රම කිසිවක් විවෘත කළේ තමා නොව ඉන් පසු බලයට පත්වූ රජය බව ප්‍රකාශ කළ ඒ මහතා එය විශේෂ  සිදුවීමක් නොවන බව පැවසීය. 
     
    පසුගිය රජය සමයේ අධ්‍යාපනයට වෙන් කළ වියදම් දිගන් දිගටම අඩු කර ඇති බවත් එම තත්ත්වය වෙනස් කර 6% ඉලක්කය වෙත යාම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya