ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජපක්ෂ ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අසාර්ථකයි

    ජූනි 24, 2015

    එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් අතලොස්සක් වුණත්  තැනින් තැන තමන්ගේ කටයුතු, මුදල් සොයා ගැනීම් නැත්නම් වෙනම රජ්‍යයක් වෙනුවෙන් කරන දේශපාලනික බලපෑම් කරගෙන යනවා යැයි පසුගිය සතියේ ඇමරිකාව විසින් නිකුත් කළ ගෝලීය ත්‍රස්තවාදය වාර්ෂික වාර්තාවේ සඳහන් වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

     

    මේ වාර්තාවෙන් පැවසෙන්නේ 2014 වර්ෂය පිළිබඳව බව පවසන අමාත්‍යවරයා විපක්ෂය මේ පිළිබඳව අවබෝධයකින් තොරව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට දෝෂාරෝපණය එල්ල කරන නමුත් මෙම වාර්තාවෙන් සැබෑවටම ගම්‍ය වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලියේ අසාර්ථකභාවය බව පැවසුවේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

     

    ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කළා කියමින් රාජපක්ෂලා දේශපාලන වාසි ලබා ගන්න උත්සහ කරන මෙම රාජපක්ෂ කණ්ඩායම නැවත වරක් රට තුළ ත්‍රස්තවාදය ඇති වීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබුණ බව පැහැදිලිව පෙනෙන්ට තිබෙන බව ඔහු සඳහන් කළේය.

     

    යුද්ධය පරාජය කිරීමෙන් පසුව 2009 දී සදාකාලික සාමයකට අත්තිවාරම දමන්නට හිමිවුණ ජනවරම ඔවුන් පසෙක දැමූ බවත් දෙමළ ජනතාවගේ හදවත් දිනාගන්නට මනස දිනාගන්නට හෝ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ජාතීන් දිනාගෙන රටට අලුත් යුගයක් උදාකරන්නට අසමත් වූ බවත් ඒ මහතා කියා සිටියේය.

     

    එදා තෑගි බෝග දී තුනෙන් දෙකේ බලය අරගෙන 2010 සැප්තැම්බර් මාසයේ දී 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන සෑම රජයේ ආයතනයක්ම රාජපක්ෂ පවුලේ වහල් සේවයට තබා ගත් බවත් ඒ ලැබුණු ජනවරමින් ජනතාවට කිසිදු සහනයක් ලබා නොදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

     

    අප විදේශ ප්‍රතිපත්තියත් කොටි සංවිධානය වඩ වඩා පෝෂණය කරන විදේශ ප්‍රතිපත්තියක් බවට පත් කරගෙන කටයුතු කළ බවත් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව වැනි පළමුව එල් ටී ටී ඊ සංවිධානය තහනම් කළ රටවල් වූව ද එම රටවල් ත්‍රස්තවාදී ලේබලය අලවා පැත්තකට දැමූ බවත් ඒ ලෙස මිතුරන් හතුරන් බවට පත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    එදා තමන් විදේශ ඇමතිවරයා ලෙස සිටිය දී ලබා ගත් යුරෝපා සංගමයේ එල් ටී ටී ඊ තහනමවත් අදත් ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන රාජපක්ෂලාට පවත්වාගෙන යාමට නොහැකි වූ බවත් එම එල් ටී ටී ඊ තහනම යළි පැනෙව්වේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වූ පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ තමාගේ ක්‍රියාකාරිත්වයෙන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya