ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මේ ආණ්ඩුව තරම් දැවැන්ත සංවර්ධන කටයුතු හා ජනතා සේවාවන් සිදු කළ වෙනත් ආණ්ඩුක් නැහැ

    ජූනි 25, 2015
    මේ ආණ්ඩුව තරම් මේ දින සියයක් තුළ දැවැන්ත සංවර්ධන කටයුතු හා ජනතා සේවාවන් සිදු කළ වෙනත් ආණ්ඩුක් නැති තරම් බවත් ජනතාවට දැනෙන්න බඩු මිල අඩුකළ සංවර්ධන වැඩසටහන්ද ආරම්භ කරමින් පාසල් අධ්‍යාපනය වැඩිදියුණු කරමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරමින් දැවැන්ත සංවර්ධනයක් සිදු කරමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 66ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන අනුව ගාල්ල අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ මාර්ග තුනක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ ජනතා හමු රැසකට එක්වෙමිනි.
     
    වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙසේද කීය. ජනතාවාදී වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ස්වාධීන කොමිසම් ඇති කරමින් ජනතාවට සහන ඇති කරනවා. තමාට, පවුලට, තම පුරපුරට බලය සදාකාලිකව නතුකර ගන්නවා වෙනුවට රටට, ජනතාවට පාර්ලිමේන්තුවට බලය ලබාදෙන ආකාරයේ වැඩසටහනක් අප දියත් කර තිබෙනවා. 
     
    සුදු වෑන් සංස්කෘතියක් අද නැහැ. පෑන, පරිගණකය නිවැරදිව මාධ්‍යවේදීන්ට පරිහරණය කළ හැකියි. බාධාවක් නෑ. කොණ්ඩ කැපිලි, රැවුල් කැපිලි, ගහන්න බනින්න කෙනෙක් නැහැ. නිදහසේ තම මාධ්‍ය මෙහෙවර සිදු කරන්න ජනතාවට සත්‍ය දෙන්නට අද ලංකාවේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතනවලට සම්පූර්ණ නිදහස ලබා  දී තියනවා. ආණ්ඩුවේ හොරණෑ මාධ්‍ය සංස්කෘතිය යහ පාලන ආණ්ඩුව වෙනස් කර තිබෙනවා.
     
     සුළුතර ආණ්ඩුකින් අප වැඩ කරගෙන කරගෙන යන්නේ. නමුත් නව දේශපාලන සංස්කෘතියක් ඇති ව ජනතා හිතවාදීව ජනතා සිතුම් පැතුම් හඳුනන ආකාරයේ ජනතාවාදී ආණ්ඩුක් අප අරගෙන යනවා, ක්‍රියාත්මක කරනවා. දෙස් විදෙස් රටවල සහයෝගය අපට ලැබෙනවා. ලැබෙමින් තියනවා. අපේ විදෙස් ප්‍රතිපත්තියට ලෝකය ම ගරු කරනවා. ශීලාචාර යහ පාලනයක් අප ගෙන යනවා. ජනතාව අපටයි බලය දුන්නේ. ඒ අනුව ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය දුන්නා, අගමැතිකම දුන්නා. හොරකම් නැහැ. මැරකම් නැහැ. දුෂිතයන් අපේ ආණ්ඩුවේ නැහැ. විපක්ෂයේ සන්ධාන මැති ඇමතිවරුන්ගෙන් එජාපය ටියුෂන් ගන්න උවමනාවක් නැහැ. විපක්ෂය, දැන් අර භංග මේ භංග ගේන්න හදනවා. මොන භංග ගෙනාවත් විපක්ෂය කෑලි කැඩුණු විපක්ෂය භංග කරවන්න ඉදිරි මැතිවරණයේදී ජනතාව බලා සිටිනවා. කෑලි කැඩුණු විපක්ෂය කියනවා අපට බලය දෙන්නලු. ආණ්ඩුව කරන්න එයාලට දෙන්න කියලා. මේ රටේ ජනතාව අපට බලය දුන්නා.  
     
    පසුගිය ආණ්ඩුවෙන් සංවර්ධන වැඩ නතර කළ සියලූ ම දේ නැවත ආරම්භ කළා. හොරට, දුෂණයට, පගාවට, කොමිස්වලට දුන්නු මුදල් අප නතර කළා. මුදල් වැඩියෙන් ඇස්තමේන්තු කර තිබූ මුදල් සියල්ලම අඩුකර නිවැරදිව රටේ සංවර්ධන වැඩසටහන් අරගෙන යනවා. මුදල් ගිල දමන, මුදල් නාස්ති කරන ආකාරයට හොරට සකස් කළ වැඩවලට අප යළිත් ඇස්තමේන්තු සකස් කර ඒ වැඩසටහන් නිවැරදිව කරගෙන යනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් යහ පාලන ආණ්ඩුව තුළ නතර කරලා නොමැති බව මා වගකීමෙන් කියනවා. පවුල් පෝෂණ සංවර්ධනය අහිමි කර, අවසන් කර කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කු පිරවන ක්‍රමය අවසන් කර විනිවිද භාවයකින් යුතුව වැඩසටහන් සිදු කරනවා. රටේ සංවර්ධනය පිළිබඳව, අපට දැනීමක් තියනවා යැයි ඔහු පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya