ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන අමාත්‍යාංශය ගිවිසුම් 3ක් අත්සන් කෙරේ

    ජූනි 26, 2015
    බලශක්ති සවිඥානය, තිරසාර සංවර්ධනය, විද්‍යා අධ්‍යාපනය මුල්කරගෙන අවබෝධතා ගිවිසුම් 03ක් අත්සන් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී පසුගියදා සිදු කෙරිණි.
     
    ඒ අනුව විද්‍යා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ද්විතීයික පාසල් 1000 විද්‍යා උපාධිධාරී ගුරුභවතුන් 45ක් සඳහා විද්‍යා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා අවස්ථාව ලබාදීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි විද්‍යා ආයතනය අතර ගිවිසුම මෙහිදී අත්සන් කෙරිණි. මේ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දරනු ලැබේ.
     
    එසේම බලශක්ති අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ පන්ති පැවැත්වෙන සියලුම පාසල්වල බලශක්ති සමාජ පිහිටුවීම සහ බලශක්ති දින හා බලශක්ති තරුව තේරීමේ වැඩසටහන් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර ගිවිසුම අත්සන් කළේය. මේ සඳහා මූල්‍ය අනුග‍්‍රහය - සුනිත්‍ය බලශක්ති අධිකාරියයි. මෙම වැඩසටහන 2015 වසරේ සිට ඉදිරියට ක‍්‍රියාත්මක වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිකුත් කරන ලද චක‍්‍රලේඛ 06/2015 යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙයි.
     
    තවද තිරසාර සංවර්ධනය උදෙසා හරිත සංහිඳීයා පාසල් (Green Harmony School) සංකල්පය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් World Vision ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ද අත්සන් කිරීම සිදු වූ අතර මෙහි මූලික අදියරේදී තෝරාගත් පාසල් 14ක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ. මූල්‍ය අනුග‍්‍රහය - World Vision ලබා දෙනු ලැබේ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya