ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම පර්යේෂණ, සංවර්ධන සහ ගොවි සබඳතා පිළිබඳ මාධ්‍ය කණ්ඩායම් ජාත්‍යන්තර රැස්වීම

    ජූනි 29, 2015
    කෘෂිකර්ම ක්ෂේත්‍ර‍යට අදාළ ව ‘කෘෂිකර්ම පර්යේෂණ, සංවර්ධන සහ ගොවි සබඳතා පිළිබඳ මාධ්‍ය කණ්ඩායම් ජාත්‍යන්තර රැස්වීම ( Third Meeting of Intergovernmental Core Group on Agricultural Research Extencion and Farmers Linkages)  පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් මවුන්ට් ලැවීනියා හෝටලයේ දී පැවැත්විණ.
     
    කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු - ආසියානු සංගමය එනම් සාර්ක් (SAARC) සංවිධානය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක සමාජිකත්වයෙන් සැදුම් ලත් ජාත්‍යන්තර සංවිධානයකි. කලාපීය රටවල ආර්ථික වර්ධනය වේගවත් කිරීම, සමාජීය ප්‍ර‍ගතිය, සංස්කෘතිමය සංවර්ධනය, කලාපයේ රටවල ජනතාවගේ සුබසාධනය ප්‍ර‍වර්ධනය, එම රටවල ක්‍රියාකාරී සහයෝගීතාව ප්‍ර‍වර්ධනය, අන්‍යොන්‍ය වශයෙන් උදව් කර ගැනීම සහ ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම මෙම සංවිධානයේ අරමුණයි. පසුගිය කාලය තුළ සාර්ක් කලාපයේ විවිධ රටවල සංවිධානය කර පවත්වා ඇති මෙම රැස්වීමේ තෙවන රැස්වීම පසුගිය 25,26 දෙදින තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබුණි.
     
    මේ අවස්ථාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යතුමා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම හමුව පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳ තමන් අතිශය සතුටට පත්වන අතර ඒ සම්බන්ධයෙන් සාර්ක් අධ්‍යක්ෂතුමා ඇතුළු සමාජිකත්වයට සිය ප්‍ර‍ණාමය පුද කරන බවයි.
     
    සාර්ක් කලාපීය රටවල පදනම වන්නේ කෘෂිකාර්මික අංශයයි. එහිදී කෘෂි ආර්ථිකයක් මත පදනම් වූ ශ්‍රී ලංකාව ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමුකරයි. අපේ රටේ ප්‍ර‍ධාන ආහාරය වන බත් සඳහා අවශ්‍ය සහල් නිෂ්පාදනය පසුගිය වසර 05 තුළ ශීඝ්‍ර‍ වර්ධනයක් පෙන්නුම් කළ අතර ජාතික අවශ්‍යතාව සපුරාලීමට රටේ සහල් නිෂ්පාදනය සමත්විය. වර්තමානයේදී අපගේ විශේෂ අවධාන යොමු වී ඇත්තේ සහල් අපනයනය සහ ප්‍ර‍වර්ධනය සඳහාය. සහල් අපනයනයට මෙන්ම බඩඉරිඟු නිෂ්පාදන අතින් ද අපේ රට සාර්ථක ප්‍ර‍ගතියක් අත්කර ගෙන තිබීම විශේෂත්වයකි. ඊට අමතරව ලොකු ළූණු, රතු ළූණු, මුංඇට, කවුපි වැනි අතිරේක බෝග නිෂ්පාදනය සාර්ථක මට්ටමක පවතී. පසුගිය දශක තුන සමඟ සැසදීමේ දී ගත වූ වසර පහ තුළ ඉතා ඉහළ සංවර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාව ලද මහඟු ජයග්‍ර‍හණයකි.
     
    මෙම අනගි අවස්ථාවට සහභාගී වූ ඔබ සැමට වැදගත් තීරණ, අත්දැකීම් සහ දැනුම හුවමාරු කිරීමටත් පුළුල් ඉඩකඩ හිමි වී ඇත. මෙම හමුව හරහා ඔබ ලබන දැනුම රටේ කෘෂිකාර්මික ප්‍ර‍ගතිය උදෙසා මහඟු පිටුවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. 
    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ රටවල නියෝජිතයන් සැමට ශ්‍රී ලංකාවේ සෞන්දර්යය හා සංස්කෘතිය අත්විඳගන්නා ලෙස  අමාත්‍යතුමා සියලු දෙනාට ආරාධනා කළේය.
     
    මෙම අවස්ථාවට සාර්ක් සංවිධානයේ අධ්‍යක්ෂ MJH Jabed මහතා, කෘෂිකර්ම පර්යේෂණ, සංවර්ධන සහ ගොවි සබඳතා පිළිබඳ මාධ්‍ය කණ්ඩායමේ (ARD) ලේකම් Rejaunl Karim මහතා ඇතුළු සාර්ක් රටවල නියෝජිතයෝ ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ඇතුළු ඉහළ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya