ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    නව මුද්දර 05ක් නිකුත් කෙරේ Featured

    ජූලි 08, 2015
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125වන සංවත්සරයට සමඟාමී ව සමරු මුද්දරයක් සහ සිහිවටන පත්‍රිකාවක් සමඟ තවත් මුද්දර 04ක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන උත්සවයේ දී මෙම මුද්දර පෙළ සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කෙරෙනු ඇත.
     
    ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතාගේ රුව ඇතුළත් රුපියල් 10.00 වටිනාකමින් යුතු ව සමරු මුද්දරය නිකුත් කෙරේ. රුපියල් 10.00, 15.00, 35.00 සහ 45.00 යන වටිනාකම්වලින් යුතුව දඹදෙනිය, යාපහුව, කුරුණෑගල සහ ගම්පොළ යුගයන්ට අයත් නිර්මාණයන් අනෙකුත් මුද්දර 04 මගින් නිරූපණය කොට ඇත.
     
    පුලස්ති එදිරිවීර සහ ලකී ලියනගේ යන මුද්දර නිර්මාණ ශිල්පීන් අතින් මෙම මුද්දර පෙළ නිර්මාණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya