ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සාධාරණ හේතු මත ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොළක දී ඡන්දය දීමේ පහසුකම් ලබා දීමට පියවර Featured

    ජූලි 08, 2015

    2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දීල තමන්ගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්වය හේතුකොට ගෙන එම ඡන්ද පොළට ගොස් ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්ද පොළක දී ඡන්දය දීමේ පහසුකම් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර භාර දිය හැකි කාල සීමාව 2015 ජූලි 10 සිකුරාදා දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    එහෙයින් තවමත් ඒ සඳහා අයදුම්කර නොමැති හා ඉහත සුදුසුකම සම්පූර්ණ කරන ලද හා 2014 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචිල ඡන්ද හිමියන්ට නිවැරදි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් තමා දැනට පදිංචි වසමේ ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ද සමඟ 2015 ජූලි 10 දින හෝ ඊට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයට හෝ ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්තුමා දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya