ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් ආඥාපති නාවික හා ගුවන් හමුදා කඳවුරුවල සංචාරයක නියැලෙයි

    ජූලි 09, 2015

    මේජර් ජෙනරාල් පී.යූ.එස්. විතානගේ මහතා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස වැඩභාරගැනීමෙන් අනතුරුව ප්‍රථමවරට එම ප්‍රදේශය මූලික කොට ස්ථාපිතව ඇති නාවික හා ගුවන් හමුදා කඳවුරුවල පසුගිය දිනක සංචාරයක නිරත වූයේය.

     
    වඩ්ඩුවාකල් ප්‍රදේශයේ පිහිටුවා ඇති “ගෝඨාභය” නාවික හමුදා කඳවුර වෙත, එම සංචාරයේ දී මේජර් ජෙනරාල් විතානගේ මහතා ප්‍රථමයෙන් පැමිණි අතර එහි අණදෙන නිලධාරී කමාන්ඩර් කේ.ඒ.එච්.අයි. කුරුප්පු මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එහිදී මුලතිව් ආඥාපතිවරයා වෙත නාවික හමුදාවේ කාර්යභාරය පිළිබඳව කඳවුරු අණදෙන නිලධාරීන් දැනුවත් කිරීමක් ද සිදු කරනු ලැබීය.
     
    පසුව නන්දිකඩාල් කලපුව ආසන්නයේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු සංකීර්ණය වෙත ද මුලතිව් ආඥාපතිතුමා පැමිණියේය. එම කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ටි.එම්.ආර්.බී. මයුරවාසල මහතා විසින් අභිනව ආඥාපතිවරයා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එහිදී කඳවුරු ක්‍රියාකාරකම් හා ගුවන් හමුදා පථය ආදිය පිළිබඳව ද මුලතිව් ආඥාපතිවරයා දැනුවත් කළේය. වින්ග් කමාන්ඩර් මයුරවාසල මහතා, ආඥාපති කඳවුරු සංචාරය සඳහා කැඳවාගෙන යනු ලැබීය. 
     
     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya