ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දුනීසියානු ජනරජයේ ජාතික හැඩගැසීම් ආයතනයේ දූත පිරිසක් පුනරුත්ථාපනයේ සාර්ථකත්වය ගැන සාකච්ඡාවක

    ජූලි 13, 2015
    ඉන්දුනීසියානු ජනරජයේ ජාතික හැඩගැසීම් ආයතනයේ දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමු විය.  
     
    එයාර් වයිස් මාර්ෂල් සුමාර්මන් (විශ්‍රාමික), රාජතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ තානාපති රඩ්ජාබ් සෙමෙන්දවායි මහතා, අලානා සිසිලියා වර්නඩි මහත්මිය ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගි වූහ.  
     
    යුද හමුදා මූලස්ථානයට පැමිණි එම දූත පිරිස ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින්  ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව දෙපිරිස විසින් දෙරටෙ හි ඉදිකිරීම් කටයුතු සහ යුද හමුදාව විසින්  රටේ සංවර්ධනය උදෙසා ලබා දෙනු ලබන සහයෝගය පිළිබඳව ද තොරතුරු සාකච්ඡා කරන ලදී.
     
    එම හමුව සිහිගන්වමින් එයාර් වයිස් මාර්ෂල් සුමාර්මන් (විශ්‍රාමික) සහ යුද හමුදාපතිතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. 
     
    මෙම දූත පිරිස යුද හමුදාපතිතුමා සමඟ පැවති හමුවට පෙර යුද හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී හිටපු පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයගේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව ද ශ්‍රවණය කරන ලදී.  
     
    එම අවස්ථාවේදී මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි මහතා, එක් රටක නීතිගරුක පුරවැසියන් ලෙස අවිහිංසාව සහ ප්‍රචණ්ඩත්වය දුරලමින් ජීවිතයන් හි වටිනාකම සමාජයට පසක් කිරීම උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳ ව විස්තර ඉදිරිපත් කරනු ලැබීය.
     
    නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිපදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya