ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු ඵලදායිතා සංවිධානය සමඟ මේ වසරේ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර පුහුණු වැඩමුළුව

    ජූලි 17, 2015
    "කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායිතාව වර්ධනය කර ගැනීම සඳහා අගය එකතු කිරීම" යන තේමාව ඔස්සේ කෘෂිකාර්මික පුහුණු වැඩමුළුවක් ලබන සැප්තැම්බර් 07 සිට 13 දින දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අදාළ ව ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
     
    ආසියානු ඵලදායිතා සංවිධානය ජපානය මූලික කර ගනිමින් 1961දී පිහිටුවා ගන්නා ලද්දේ එහි සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණෙනි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියා සහ පැසිෆික් කලාපයේ රටවල් 20ක් එම සංගමයේ සාමාජිකත්වය ලබා ඇත. සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව ද ඊට අදාළ සම්මුතියට අත්සන් තබා ඇත.
     
    2014 නොවැම්බර් මාසයේ පිලිපීනයේ පැවති ආසියානු ඵලදායිතා සංවිධානයේ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කළ පරිදි මේ වැඩමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය. 
     
     
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya