ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති ලේකම් රජයේ ආයතන ප්‍රධානින් දැනුවත් කරයි Featured

    ජූලි 21, 2015

    රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපල පාර්ලිමේන්තු මහ මැතිවරණ කාල සීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ පාර්ලිමේන්තු මහා මැතිවරණ කාල සීමාව තුළදී නිලධාරීන්, සේවකයන් බඳවා ගනීම /උසස් කිරීම/ මාරු කිරීම සීමා කිරීම් හා අත්හිටුවීම සිදු කර තිබෙන බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා චක්‍ර ලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එසේම අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් නිලධාරීන් අතරින් පෞද්ගලික ලේකම්වරුන්ට පමණක් නිල රථයක් ලබා දිය යුතු අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිල වාහන හිමි අනෙකුත් සියලුම නිලධාරීන් සඳහා ලබා දී ඇති නිල වාහන ඊයේ (20) දිනය වන විට භාරදිය යුතු බව ලේකම්වරයා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වේ.

     

    එසේ නිල වාහන ආපසු ලබාගත් පෞද්ගලික කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සඳහා රුපියල් 30,000ක් දීමනාක් ලබා දීමට කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.

     

    රාජ්‍ය වියදම් කළමනාකරණ මැයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අංක සීඒ/1/17/1 හා 2010 මැයි 14 දිනැති චක්‍ර ලේඛයෙහි 3,4 වගන්තිය, මැතිවරණ කාල සීමාව තුළදී රාජ්‍ය දේපල අනසි පරිහරණය වලක්වනු වස් 2015-07.20 සිට 2015.08.20 දක්වා කාලසීමාවට පමණක් බල පැවැත්වෙන සේ මෙම චක්‍ර ලේඛය සංශෝධනය කර ඇත.

     

    මෙම උපදෙස්වලට පටහැනිව තවදුරටත් වාහන රඳවා තබා ගන්නා තැනැත්තන් සම්බන්ධයෙන් රජයේ දේපළ අයුතු පරිහරණය යටතේ නිත්‍යානූකූලව පියවර ගැනීමට කටයුතු කරන ලෙස සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාර ලේකම්වරුන් සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්ට ජනාධිපති ලේකම්වරයා දන්වා සිටි.

     

    මැතිවරණ කොමසාරිස්ගේ අංක: පී/ඒ/2015/4 හා 2015.06.29 දිනැති ලිපියෙහි 06 ජේදයෙහි i සහ ii වගන්ති මඟින් මැතිවරණ කාලසීමාවේදී රාජ්‍ය ආයතනයන්හි බඳවා ගැනීම්, පත්වීම්, උසස් කිරීම හා මාරු කිරීම සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඉතා පැහැදිලි උපදෙස් ලබා දී තිබියදීත් සමහර රාජ්‍ය ආයතන එම උපදෙස් නිසි පිරිදි අනුගමනය කිරීමකින් තොරව කටයුතු කරනු ලබන බව ජනාධිපති ලේකම්වරයා වෙත වාර්තා වී ඇත. මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින් රාජ්‍ය ආයතන කරනු ලබන සියලුම බඳවා ගැනීම්, පත්වීම්,  උසස් කිරීම හා මාරු කිරීම ඉහත මැතිවරණ කොමසාරිස්ගේ ලිපියේ දක්වා ඇති උපදෙස්වලට අනුකූලව සිදු කිරීමට සියලු බලධාරීන් වගබලා ගත යුතු බව ඒ මහතා අවධාරණය කර සිටි.

     

    2015- පාර්ලිමේන්තු මහ මැතිවරණය නියමානුකූල පරිදි පැවැත්වීමට සඳහා මැතිවරණ කොමසාරිස්වරයා පූර්ණ සහයෝගය ලබා දීමට සියලු රාජ්‍ය නිලධාරීන් බැඳී සිටි බව පෙන්වා දෙන ලේකම්වරයා එම මැතිවරණය සඳහා අවශ්‍ය වන නිලධාරීන් හා අවශ්‍ය වන සහායක කාර්ය මණ්ඩලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිසි පරිදි ලබාදීමට අවශ්‍ය සෑම පියවරයක් ම ගන්නා ලෙස ද වැඩිදුරටත් දන්වා සිටි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya