ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2014 - 2015 ලිංගාශ්‍රිත රෝග වාර්ෂික අධ්‍යයන වාර්තාව එළිදකී Featured

    ජූලි 22, 2015

    HIV/AIDS ඇතුළු ලිංගාශ‍්‍රීත රෝග සම්බන්ධව 2014 - 2015 වාර්ෂික අධ්‍යයන වාර්තාව ලිංගාශී‍්‍රත රෝග හා ජාතික ඒඩිස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (21) පිළිගන්වන ලදි.

    මෙම වාර්ෂික වාර්තාවට අනුව ආසියානු කළාපයේ ලිංගාශි‍්‍රත රෝග ව්‍යාප්තිය අඩුම රටක් ලෙස ශ‍්‍රී ලංකාව පත්ව ඇති බවත්, එම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ලිංගාශ‍්‍රීත රෝග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන්, පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක‍්‍රීයාත්මක කිරීමට ඉදිරියටත් පියවර ගන්නා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලිංගාශී‍්‍රත රෝග හා ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා වෙත අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya