ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අභයගිරි ස්ථූපය යළි බැතිමතුන්ගේ වන්දනාවට Featured

    ජූලි 31, 2015

    සංරක්ෂණය කරන ලද අභයගිරිය චෛත්‍යයේ ප්‍රථම ස්ථූප පූජාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ පැවැත්විණි.



    ඇසළ පුන් පොහෝ දිනය යෙදී ඇති අද දින ජනාධිපතිතුමා විසින් එහි ප්‍රථම පූජාව සිදු කිරීමත් සමඟ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යෝනුමෝදනාවට අභියගිරිය ඓතිහාසික පුද බිම නැවත විවෘත කෙරිනි.

     

    1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. උස අඩි තුන්සිය හතළිස් පහකින් හා වට අඩි එක් දහස් තුන්සිය පනස් පහක් පමණ වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු වසර දාහතක් සිදු කළේය.

     

    වසර අටසීයයක පමණ කාලයකට පසුව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කර ඇති අතර මේ සදහා රුපියල් මිලියන පන්සිය දහනවයක පමණ මුදලක් වැය කර තිබේ.

    ලෝක උරුමයක් වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සඳහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රම දායකත්වය ලැබී තිබේ.

     

    සංරක්ෂණය කළ අභයගිරිය ස්ථුපය සඳහා ප්‍රථම ස්ථූප පූජාව සිදු කළ ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

     

    අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ලෝකයේ බොහෝ රටවල් වර්තමාන දියුණුව පිළිබද පමණක් උදම් ඇණුවත් ශ්‍රී ලාංකිකයින් වන අපට අපේ මහා පෞඩ ඉතිහාසය පිළිබඳවද උදම් ඇණිය හැකි බවයි.

     

    එම මහා සංස්කෘතික උරුමයන් රැක ගනිමින් මතු පරපුරට දායාද කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, අභයගිරිය විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන්, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ද විදෙස් තානාපතිවරුන් ද, සැදැහැවත් බෞද්ධ ජනතාව විශාල පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya