ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ විභාගයට අනිවාර්යෙන් මේ දේවල් රැගෙන යන්න Featured

    අගෝස්තු 03, 2015

    සියලුම අ.පො.ස. උසස් පෙළ විභාග අපේක්ෂකයින් ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යෙන් රැගෙන යා යුතු බවත් විභාගය ආරම්භ වීමට පැය භාගයකට කලින් විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා දන්වා සිටි.

    විභාග මධ්‍යස්ථානයට යාම පෙර ප්‍රවේශ පත්‍රයේ තමාගේ තොරතුරු නිවැරදිව සටහන් වී තිබේ ද යන්න පරීක්ෂා කරන ලෙස දන්වා සිටින කොමසාරිස් ජනරාල්වරයා විභාගයට පෙනී සිටින විෂය, මාධ්‍ය, කාල සටහන යනාදී කරුණු ද විභාගයට යාමට පෙර පරීක්ෂාවට ලක් කරන ලෙස දන්වා සිටි.

     

    ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත සඳහන් දූරකතන ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක- 0112784208/ 011 2784537

    ක්ෂණික ඇමතුම් අංකය - 1911

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya