ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රුධිර පාරවිලනය සේවයේ අතිරික්ත ප්ලාස්මාවලින් ප්ලාස්මා ප්‍රෝටීන් නිෂ්පාදනයට

    අගෝස්තු 07, 2015
    ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලනය සේවයෙන් අතිරික්ත ප්ලාස්මා ප්‍රමාණය ප්ලාස්මා ප්‍රෝටීන නිෂ්පාදනය කිරීම සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
    රුධිරය සඳහා මෙතෙක් වෙනත් ආදේශකයක් සොයා ගෙන නොමැති අතර රෝගීන් සඳහා අවශ්‍ය රුධිරය රුධිර පාරත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනේ. මෑතක් වන තුරු ඇධිරය ‘පූර්ණ රුධිරය‘ ලෙසම පාරවිලනය කිරීමට පෙර පුරුදුව සිටියද මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇත. 
    එක් රුධිර ඒකකයක් නිර්දේශිත පරිදි නිවැරදිව වෙන් කර ගන්නේ නම් එයින් සංඝටක 4ක් දක්වා ලබාගැනීමට හැකියාව ඇති බැවින් රෝගියෙකුට අවශය කරන රුධිර සංඝටක කොටස පමණක් ලබා දී ඉතිරි සංඝටක කොටස් ඒවා අවශ්‍ය වෙනත් රෝගීන්  සඳහා ලබා දීමට හැකියාව ඇත.
    ජාතික රුධිර පාරවිලනය සේවාව මඟින් සෑම වසරකම ප්ලාස්මා ලීටර් 100,000ක් පමණ පරිත්‍යාගශීලීන්ගේන එකතු කරනු ලබා අතර සංඝටක වෙන් කරගැනීමෙන් පසුව ඉන් ඒකක 60,000ක් පමණ සායනික භාවිතය සඳහා ප්‍රයෝජනයට ගැනේ.
    සංඝටක වැඩි ප්‍රමාණයක් වෙන් කර ගැනීමට පහසුකම් නොමැති නිසා දැනට බවත දමනු ලබන ඉතිරි ලීටර් 40,000ක ප්‍රමාණය ප්ලාස්මා ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණය හිමි සමාගම්වලට ලබා දීමේ හැකියා ව ඇත.
    තත්ත්වය එසේ තිබියදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු ප්ලාස්මා ප්‍රෝටීන අවශ්‍යතාව, රුධිර සංඝටක වෙන් කර ප්ලාස්මා ප්‍රෝටීන් නිපදවන විදේශීය සමාගම්/ ආයතන වෙතින් විශාල පිරිවැයක් දරා ආනයනය කරනු ලබයි. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya