ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

    අගෝස්තු 07, 2015
    ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් පත් කොට ඇති රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඔහුගේ නව පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් ඊයේ (06) නාවික හමුදා මූලස්ථානයේ දී ලබාගත්තේය. 
    රියර් අද්මිරාල් විමලතුංග, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 12 වන බඳවා ගැනීමට අයත් කැඩෙට් නිලධාරියකු වශයෙන් 1984 වර්ෂයේ දී නාවික හමුදා සේවයට එක්වී ඇති අතර, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය මූලික පුහුණුව සම්පූර්ණ කර ඇත. ඉන්දියාවේදී ජලතරණය පිළිබඳ ව විශේෂ පුහුණුව ලබා ඇති ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හිදී උපායමාර්ගික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇත. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂාව සහ යුද්ධෝපායන් පිළිබඳ ව විද්‍යාපති උපාධියත් ලබා ඇති ඔහු, ඇමරිකා එක්සත් ජනපදයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැළැක්වීමේ සහයෝගිතා පාඨමාලාව ද සම්පූර්ණ කර ඇත. 
    රියර් අද්මිරාල් විමලතුංග තම සේවා කාලය තුළ විවිධ නෞකා සහ යාත්‍රාවලට අණදී ඇති අතර, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම, වයඹ නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, උතුරු නාවික විධාන නියෝජ්‍ය ආඥාපති ඇතුළු තනතුරු රාශියක අත්දැකීම් ලබා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. ‍ වත්මන් තනතුරට පත්වීමට පෙර ඔහු නාවික හමුදා මූලස්ථානයේ සැපයුම් කළමණාකරණ මැදිරියේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරී කර ඇත. 
    ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් රණවික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පලඳනා රැසකින් පිදුම් ලබා ඇති අතර, ඔහු ගම්පහ ඇලපිටිවල කණිෂ්ඨ විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya