ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා රජය ජෛවමිතික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරයි Featured

    අගෝස්තු 10, 2015

    ශ්‍රී ලංකා රජයේ ගමන් බලපත්‍ර නිකුත් කරන විට අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික දත්ත ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

     

    ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජෛවමිතික විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇත. මෙම සැකැස්මත් සමඟ, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සංචාරක ලියකියවිල්ලක් බවට පත් වනු ඇත.
     


    ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ මේ සඳහා සියලු අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම අනිවාර්ය බැවින් සිය විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලට අදාළ පුද්ගලයා විසින්ම පැමිණ බාර දිය යුතු බවයි.

     

    ඔහු තවදුරටත් පැවසුවේ සෑම අයදුම්කරුවෙකුම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ ඡායාරූප ලබා ගත යුතු බැවින් දෙපාර්තමේන්තුවෙන් අවසරලත් දිවයින පුරා පිහිටා ඇති ඡායාරූපාගාර හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හෝ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටුවා ඇති ඡායාරූපාගාරවලින් පමණක් සිය ඡායාරූප ලබා ගත යුතු බවයි.

     

    එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඔවුන් දිවයිනට ආපසු පැමිණි පළමු අවස්ථාවේ දී, ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගොස් සිය ඇඟිලි සලකුණු ඉදිරිපත් කළ යුතුය.

     

    නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ආරම්භ වූවත් පැරණි ගමන් බලපත්‍රය අවලංගු නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya