ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අද මධ්‍යම රාත්‍රියේ සිට 5 ශ්‍රේණියේ උපකාරක පන්ති තහනම් Featured

    අගෝස්තු 19, 2015

    ලබන 23 වැනි දා පැවැත්වෙන 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය පැවැත්වෙන ලබන 23 වැනි දා දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂ්‍යානුබද්ධ දේශන, සම්න්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

     

    යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මෙම පනත යටතේ වරදකරුවෙකු වේ.

     

    කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් හෝ කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දූරකතන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    2013 06. 21 දිනැති නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනයට 2015.08.12 දිනැතිව නිකුත් කරන ලද අංක 1927/49 අති විශේෂ ගැසට් නිවේදනයේ සංශෝධන ප්‍රකාරව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝග අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.

     

    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව      - 0112784208/0112784537
    ක්ෂණික ඇමතුම් අංකය ( වි.දෙ.)             - 1911
    පොලිස් මූලස්ථානය                             - 0112421111
    පොලිස් හදිසි ඇමතුම් අංකය                    -119

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya