ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ශිෂ්‍යභට බලකායේ රණ විරු ස්මාරකයට මුල්ගල

    අගෝස්තු 27, 2015

    ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ රාජකාරී නිසි ලෙස ඉටුකිරීමට පාසලේ දී ලබන ශිෂ්‍යභට පුහුණුව වැදගත් වනවා යැයි ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා කීවේය.


    පළමුවන ලෝක යුද්ධයේදී මිය ගිය හා තුවාල ලැබූ ශිෂ්‍යභටයන් සිහිකිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ දෙහිවල, පාමංකඩ මූලස්ථානයේදී රණ විරු ස්මාරකයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන උත්සවයට සහභාගි වෙමින් මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා මේ බව කීය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු මහතා අවුරුදු 134ක ඉතිහාසයක් ඇති ජාතික ශිෂ්‍යභට බලකාය මේ දැයට පමණක් නොව, මුළු ලෝකයටම සහය දුන් සංවිධානයක් බවත් පළමු ලෝක යුද්ධයේදී ලංකාවේ පාසල් හයක ශිෂ්‍ය සමයේ 300ක් එම අවස්ථාවේ යුද්ධයට සම්බන්ධ වී තිබෙන බවත් පැවසූ අතර ඔවුන්ට උපහාරයක්, කෘතගුණ සැලකීමක් ලෙස මේ රණ විරු ස්මාරකය ඉදිකිරීමට තීරණය කළ බවත් අවධාරණය කර සිටියේය.

    මේ අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ බ්‍රිගේඩියර් පුහුණු කර්නල් වයි. ඒ.එස්. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya