ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    149වැනි පොලිස් දිනය අදයි

    සැප්තැම්බර් 03, 2015
    149 වැනි පොලිස් දිනය අද (03) දිනට යෙදී ඇති අතර එහි ප්‍රධාන උත්සවය පස්වරු 3.00ට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හැව්ලොක් ටවුම පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    "නීතියයි, සාමයයි මව්බිමේ ජීවයයි" යන්න මෙවර පොලිස් දිනයේ තේමාව වී ඇත.
     
    බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1866 සැප්තැම්බර් මස 03 වන දින ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද මෙරට පොලිස් සේවයේ ප්‍රථම පොලිස්පති වූයේ බ්‍රිතාන්‍ය ජාතික පී.ඩබ්.ආර් කැම්බල් මහතා වන අතර වර්තමාන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා 33 වන පොලිස්පතිවරයා වෙයි.
     
    මෙවර පොලිස් දිනයට සමඟාමී ව ඊයේ (02) පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ දී දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ ඡායාරූපයක් විවෘත කිරීම ද සිදු විය.
     
    මීට අමතර ව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය විසින් ලයනල් වෙන්ට් කලාගාරයේ දී සංවිධානය "පොලිස් නෙත්" ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීම ද පොලිස්පතිවරයා අතින් සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya