ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බංග්ලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවේ

    සැප්තැම්බර් 04, 2015
    ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන බංග්ලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (Bangladesh National Defence College- NDC) පාඨමාලා හදාරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ (03)  ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඩී.එම්.යූ.ඩී. බස්නායක මහතා හමුවිය. 
     
    මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ලුතිතන් ජෙනරල් චෞද්රි හසන් සර්වර්දී මහතා විසින් වන අතර බංග්ලාදේශ හමුදාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනෙක්, නාවික සහ ගුවන් හමුදා නිලධාරින් 01 අයෙක් බැගින්, සිවිල් පරිපාලන නිලධාරින් 04 දෙනෙක් සහ මිත්‍ර රටවල නිලධාරින් 04 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 23 දෙනෙකුගෙන් සමන්විතය.
     
    මෙහිදී නිලධාරින් පිරිස සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර ද්වීපාර්ශවීය පුහුණු කටයුතු කරුණු සුහද සාකච්ඡාවකින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. 
     
    මෙම පිරිස පසුගිය 30දා මෙරටට ළඟා වූ අතර අද (04) මෙරටින් නික්ම යාමට නියමිතය.
     
    DB/DEFENCE.LK

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya