ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දේශගුණික විපර්යාසයන් අවම කිරීමේ සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 08, 2015

    තිරසාර සංවර්ධනය උදෙසා වන ප්‍රාන්ත රාජ්‍යන්ගේ එකමුතු ජාලයෙ හි 13 වන වාර්ෂික සමුළුව හා දේශගුණික විපර්යාසයන් අවම කිරීමට අදාළ ජාත්‍යන්තර මහා සමුළුව ඊයේ ආරම්භ වූ අතර අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ වේ.

    මෙම සමුළුව හෙට (09) දිනයේද පැවැත් වේ.

    මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි අතර බස්නාහිර පළාත් සභාව විසින් සියලුම සංවිධාන කටයුතු සිදු කරනු ලැබේ. මේ සඳහා අප්‍රිකානු, ඇමරිකානු, යුරෝපීය, ආසියානු සහ ආසියා පැසිෆික් කලාපීය රටවල් 37ක සාමාජිකයන් සහභාගී වේ.

    ලොව පුරා පවතින ප්‍රාන්ත රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ යි. ඒ සඳහා දැනුම, හැකියාව, නව ප්‍රවණතා සහ අත්දැකීම් ප්‍රාන්ත රාජ්‍යයන් අතර බෙදා ගැනීම සමුළුව තුළින් අපේක්ෂා කෙරේ.

    මෙහිදී පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය, ජල සම්පත් කළමනාකරණය, සනීපාරක්ෂක ක්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඊට අනුගත වීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ඉඩප්‍රස්ථාව සැලසේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya