ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දළ දේශීය නිෂ්පාදිතයේ 6.7%ක වර්ධනයක් Featured

    සැප්තැම්බර් 17, 2015

    2015 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 6.7ක වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    එනම් 2015 දෙවන කාර්තුව සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලෙස ගණනය කර ඇති ශ්‍රී ලංකාවේ මුළු ආර්ථික නිමැවුම රුපියල් මිලියන 2,064,644 ලෙස වාර්තා වී ඇති අතර, එය 2014 දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 1,934,814 ලෙස වාර්තා වී ඇත.

     

    ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික කටයුතු වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා සහ නිෂ්පාදන මත සහනාධාර අඩුකළ බදු 2010 ස්ඛාවර මිල ගණන් යටතේ 2015 දෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදන මත සහනාධාර අඩුකළ බදු 2010 ස්ථාවර මිල ගණන් යටතේ 2015 දෙවන කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයට ලබා දී ඇති දායකත්වය පිළිවෙළින් සියයට 7.5ක්, සියයට 23.5ක් හා සියයට 61.2ක් හා 8.0ක් වේ.

     

     2015 දෙවන කාර්තුවේ දී මෙම ප්‍රධාන ආර්ථික කටයුතු සැලකිල්ලට ගත් කල, කෘෂිකර්මාන්ත අංශය සියයට 5.0කින්, කර්මාන්ත අංශය සියයට 2.0කින් හා සේවා අංශය සියයට 7.9කින් වර්ධනය වී ඇත.

     

    2015 වසරේ දී “ශ්‍රී ලංකාවේ ජාතික ගිණුම් සඳහා පදනම් කර්ෂය 2010 වසර ලෙස යාවත්කාලීන කර මෙම ගණනය කිරීම් සිදු කර ඇති අතර ඊට අමතරව ජාතික ගිණුම් ගණනය කිරීමේ ක්‍රමවේදයෙහි තවත් බොහෝ වැඩි දියුණු කිරීම් සිදු කර ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මග පෙන්වීම්වල නිර්දේශයන්ට අනුව සිදුකළ සංකල්පිත වෙනස්කම්, ජාතික ගිණුම් ගණනව කිරීමේ ක්‍රමවේදවල වැඩිදියුණු කිරීම්, නවීන වර්ගීකරණයන්ට අනුගතවීම හා මෑත කාලීන දත්ත මූලාශ්‍ර ඇතුළත් කර ගනිමින් ජාතික ගිණුම් ගණනය කිරීම ආදිය ඒ අතර වේ.

     

    ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2015 දෙවන කාර්තුව සඳහා ගණනය කරන ලද ජාතික ගිණුම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya