ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන දේශීය පරීක්ෂණයකට කටයුතු කෙරෙයි Featured

    සැප්තැම්බර් 23, 2015

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව තුළින් දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    දේශීය යාන්ත්‍රණයක් සඳහා ප්‍රධාන රටවල එකඟත්වය පල කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාවේ අවසන් තිරණයෙන් පසුව රජය ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නේය.

    අල්ලස් දූෂණ වංචා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව මාධ්‍ය වේදියෙක් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya