1972 වසරේ ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳෙන ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් වන්නේ 1998 වසරේදීයි. 2008 වසරේදී සේවයෙන් විශ්‍රාම යනවිට ඔහු නැගෙනහිර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, හොංකොං, ආදී රටවල පාඨමාලා රාශියක් ද දේශීය පාඨමාලා රාශියක්ද හදාර ඇති ඒ මහතා ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාදාර්යවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.
මහජන සම්බන්ධතා වර්ධනය හා අපරාධ වැළැක්වීම සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යයන් රාශියක් සිය සේවා කාලය තුළ සිදු කළ ඒ මහතා සිදු කළේය. පොලිස් ක්‍රියාකාරකම් දැක්වෙන චිත්‍රපට ප්‍රදර්ශනය, මහජන ප්‍රදර්ශන කුටි හා විවිධ තේමා යටතේ දේශන පැවැත්වීම ඒ මහතා ආරම්භ කර ඇති අතර ඒවා මේ දක්වා පවත්වාගෙන එනු ලබයි.
අභාවප‍්‍රාප්ත හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රියන්සි පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
kpm