ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදා සංවත්සරයට විශේෂ ‘අභිෂේකම්’ පූජාවක්

    ඔක්තෝබර් 01, 2015
    ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 66 වන සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සම්ප්‍රදායික හින්දු ආගමික ආශිර්වාද පූජාව වන ‘අභිෂේකම්’ පූජාව කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් විනේෂ්වර් කෝවිලේ දී  ඊයේ (30) පැවැත්විණි.
     
    යුද හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ‘අභිෂේකම්’ පූජාව අතරතුර කෝවිලේ ප්‍රධාන පූජකතුමා විසින් යුද හමුදා ධජයන් ආශිර්වාද ගැන්වීය. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ප්‍රධාන පූජකතුමන් වෙත ආශිර්වාද ගැන්විම උදෙසා ධජයන් පිළිගැන්වීය.
      
     
    ප්‍රධාන පූජකතුමා ඇතුළු පූජකවරුන් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුද හමුදාවට ආශිර්වාද පතා ආගමික චාරිත්‍ර ඉටු කරනු ලැබීය. 
     
    දීර්ඝ කාලයක සිට යුද හමුදාව සමඟ එක්ව කටයුතු කරන මෙම කෝවිලේ අභිවෘද්ධිය උදෙසා යුද හමුදාපතිතුමා මූල්‍යමය ආධාර ද පිරිනැමීය.
     
    යුද හමුදා හින්දු සංගමයේ සම්බන්ධීකරණයෙන් මෙම ඵෙතිහාසික හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කන්නන් කුරුක්කල් තුමා ආගමික චාරිත්‍ර ඉටු කළ අතර, මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොළ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක සහ යුද හමුදා හින්දු සංගමයේ සභාපති ආර්. රත්නසිංහම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya