ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    2016 අයවැය යෝජනාවලියට වාහන අලෙවිකරුවන්ගේ අදහස් ගැනේ Featured

    ඔක්තෝබර් 01, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද (01) පැවැත්විණි.

    මුදල් අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමේ දී වාහන අලෙවිකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගැනීම ය.

     

    අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේ, රජය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි. වර්තමානයේ මෙරට වාහන අලෙවිය සම්බන්ධයෙන් පවතින තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී අවධානයට යොමු කෙරිණි.

     

    මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ශ්‍රී ලංකා රේගු අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා ඇතුළු එම සංගමයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya