ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ඇමරිකානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට Featured

    ඔක්තෝබර් 03, 2015
     
    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා ඇමරිකාවට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දින 08 ක  නිල සංචාරය සාර්ථකව නිමවා ඊයේ (02) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. 
    අද ප.ව 4.05 ට පමණ එමරේට්ස් ගුවන් සේවයට අයත් AK  654  දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා දිවයිනට පැමිණි අතර මාතෘ භූමියේ කීර්තිනාමය ලොව හමුවේ දිග් විජය කොට යළි මාතෘ භූමිය බලා පැමිණි ජනාධිපතිතුමා අභිමානවත් අයුරින් පිළිගන්නට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. 
    අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් එහිදි බුලත් හුරුළු පිළිගන්වා ජනාධිපතිතුමා පිළිගත්හ.
    ගුවන් තොටුපළ අවට රැස්ව සිටී විශාල ජනතාවක් ජාතික ධජ ළෙළදවමින් අභිමානවත් රාජ්‍ය නායකයාණන්ට සිය උපහාරය පුද කළේය. 
    ගුවන් තොටුපොළේ විශේෂ ප්‍රභූ පරිශ්‍රයේදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන්ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාදය පළ කළහ.
     

    ජනාධිපතිවරයා පසුගිය සැප්. 23 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.

    සැප්. 25 සිට 27 දක්වා මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැති තිරසාර සංවර්ධන සමුළුවඇමතු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරය  සැප්. 30 වැනිදා නිව්යෝක් වේලාවෙන් පෙරවරු 9.45ට ඇමතීය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා සහ අන්තර් ජාතික රතුකුරුස සංගමයේ සභාපති Mr. Peter Maurer අතර හමුවක් ඉකුත් (25) පැවැත්විණි.

    ජනාධිපති සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඉකුත් (25)පැවැත්විණි.

    සාර්ක් කලාපයේ ප්‍රගමනයට හේතුවන කරුණු පිළිබදව ජනාධිපතිතුමන් සහ ඉන්දීය අගමැතිතුමන් සාකච්ඡා කළ අතර ශ්‍රි ලංකා රජයේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සදහා ඉන්දීය රජයේ පූර්ණ සහය නොපැකිළව ලබා දීමට කටයුතු කරන බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

    ජනාධිපති සිරිසේන මැතිතුමා හා පාකිස්ථානු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා අතර හමුවක් ඉකුත් (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණි.

    දෙරටට බලපාන දේශපාලන කරුණු රැසක් පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක් වූ අතර දෙරටේ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.

    මේ අතර මෝල්ටා රාජ්‍යයේ අග‍්‍රාමාත්‍ය ජෝෂප් මස්කාට් මහතාද පසුගිය (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ජනාධිපතිතුමා හමු විය.

    මීළග පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ සමුළුව මෝල්ටා රාජ්‍යයේ පැවැත්වෙන අතර ඒ සඳහා නිල ආරාධනා පත‍්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු විය.

    බිනර පොහොය යෙදී තිබූ පසුගිය(27) දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිව්යෝර්ක් බෞද්ධ විහාරයට ගොස් ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව පැමිණ සිටි ශී‍්‍ර ලාංකික ජනතාව හමුවිය.

    ජනාධිපතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අතර විශේෂ හමුවක් පසුගිය (27)පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී සිදු විය.

    ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉකුත් (27) පැවැති සමුළුව අමතමින් ජනාධිපති සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ කාන්තා අයිතිවාසිකම් ප්‍ර‍වර්ධනය සහ ආරක්ෂා කිරීමට වගබලාගැනීම පිණිස  ශ්‍රී ලංකා රජයත් මාත් වගකීම දරන බවත්, ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා සවිගැන්වීම ළඟා කරගැනීමට තවදුරටත් දැඩි උනන්දුවෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීමට කැප වන බවත් ය.

    නිවියෝක් නුවර එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබඳ ඉකුත් (28) පැවති සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප‍්‍රයත්නයන්ට ශ‍්‍රී ලංකාව සිය ශක්ති ප‍්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බව ය.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි Simonetta Sommaruga  මහත්මිය අතර සාකච්ඡාවක්  පැවැත්විණ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතා හමුවිය. මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ශී‍්‍ර ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ලෝක නායකයින්ගේ ප‍්‍රසාදයට පත්වූ රාජ්‍ය නායකයෙක් බවත් ඒ අන් කිසිවක් නිසා නොව එතුමා රට නිවැරදි දිශාවකට ගමන් කරවන රාජ්‍ය නායකයෙක් නිසා බවත් ය. ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයට සහ ජනාධිපතිවරයාට තම ආශිර්වාදය හිමිවන බව ද මහලේකම්වරයා අවධාරණය කළේය.

    දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් යේ මහත්මිය සහ ජනාධිපතිතුමා අතර හමුවක්ද සැසිවාරය අතරතුර පැවති අතර එහිදී දකුණු කොරියාවේ සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකා රජයට ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉහළ ප‍්‍රතිචාර හිමි විය.

    ශී‍්‍ර ලංකාවේ විශාල පාරිසරික ගැටලූවක් බවට පත්ව ඇති කැළි කසළ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට සහයවන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට තම රජය කටයුතු කරන බව දකුණු කොරියානු ජනාධිපතිනිය පැවසුවාය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නවසිලන්ත අගමැති ජෝන් කී මහතා අතර හමුවක්ද ඉන් අනතුරුව පැවැත්විණි.

    නවසිලන්ත ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශී‍්‍ර ලංකාවට යොමු කිරීමට අපේක්ෂා කරන බව පැවසූ නවසිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දෙරටේ ද්වි පාර්ශවිය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේය.

    තිරසර සංවර්ධනය නම් දෙවොල ගොඩ නැගිය යුත්තේ ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය නම් අත්තිවාරම මත බවත් ස්වයං-ශික්ෂණය, පුද්ගල මට්ටමින්, ප්‍රජා මට්ටමින්, ජාතික මෙන්ම සමස්ත මානව වර්ගයාගේ මට්ටමින් ප්‍රගුණ කළ හැකි වේ නම්, එය මානව වර්ගයා තබන විශාල ඉදිරි පියවරක් වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිව්යෝක් නුවර පසුගියදා (30)පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ මහ සමුළුව අමතමින් අවධාරණය කළේ ය.

    ජාතික නායකයින් වශයෙන් රැස්ව, විශ්ව ක්‍රියාකාරී සැලැසුම් නිර්මාණය කිරී‍මේදී, ස්වයං-ශික්ෂණය සහ සම-සාධාරණත්වය පදනම් කර ගත් ප්‍රවේශය ආදර්ශයට ගන්නා ලෙස ද ජනාධිපතිවරයා  ලෝක නායකයින් හමුවේ යෝජනා කර සිටියේ ය.

    ජනාධිපති සහ නේපාල අග්‍රාමාත්‍ය ප්‍රකාශ් මන් සිං මහතා අතරහමුවක් ද ඉකුත් දා (30) නිව් යෝර්ක් නුවරදී පැවැත්විනි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, නිව් යෝර්ක් නුවර වැල්ඩෝෆ් ඇස්ටෝරියාහෝටලයේ පැවති අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ ව්‍යාපාර කවුන්සිලය විසින් සංවිධානය කරන ලද පාතරාස හමුවට ද සහභාගී විය.

     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya