ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පොදුවේ වැයකෙරෙන මුදලේ නියම ප්‍රතිලාභ රටට, ජනතාවට ලබාදිය යුතුයි

    මැයි 22, 2014
    පොදු අවශ්‍යතා වෙනුවෙන් වැයකෙරෙන මුදලේ නියම ප්‍රතිලාභ රටට හා පොදු ජනතාවට ලබාදීමට ක්‍රියාකළ යුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  
     
    ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කඩුවෙල හා බෝමිරිය පැවති උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “ ගමින් ගමට දොරින් දොරට ” ප්‍රජා සත්කාරක සේවාවට සමගාමීව පැවැත්වෙන ජනහමු දෙකක් කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ හා මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් 2014 ක්‍රියාකාරී සැලැස්මට අනුව දිවයින පුරා මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 57කින් වසම් 29ක් ආවරණය වන පරිදි මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.
     
    "කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පොදු අවශ්‍යතා වෙනුවෙන් වැය කරන්න රුපියල් මිලියන 484ක් අද වන විට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් වෙන්වෙලා තියෙනවා.  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති පොදු අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා  මෑත ඉතිහාසයේ රජයක් විසින් වෙන්කරන ලද අති විශාලම මුදල ලෙස මෙම මුදල සලකන්න පුළුවන්. කඩුවෙලට, කොළඹ දිස්ත්‍රික්කයට පමණක් නොවෙයි අද මුළු රටේම ප්‍රාදේශීය බලප්‍රදේශ වෙනුවෙන් මේ ආකාරයෙන් විශාල මුදලක් වෙන් කෙරෙනවා. එමඟින් නියම ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට අප ක්‍රියා කළ යුතුයි".
     
    ඒ අනුව එක ගමකට එක වැඩක් ව්‍යාපෘතිව යටතේ රුපියල් මිලියන 57ක්, ගම නැගුම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 84ක්, දිවි නැගුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 20ක්, පළාත් නැගුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 282ක්, පුරන් කුඹුරු අස්වැද්දීම හා සුළු වාරිමාර්ග දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක්, ග්‍රාමීය පාලම් හා ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 30ක් හා ග්‍රාමීය පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 6ක් වෙන්කර ඇත.
     
    “ගමින් ගමට දොරින් දොරට” ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ 2014 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් දිවයින පුරා සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම සිදුකෙරේ. ඒ යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 57ක් සඳහා රුපියල් මිලියන 484ක මුදලක් 2014 වර්ෂය සඳහා වෙන්කර ඇත. එම සැලසුම් සකස් කිරීම සඳහා ජනතාවගේ ඉල්ලීම්, අදහස් හා යෝජනා ලබාගැනීම තුළින් ප්‍රජාවට වඩාත් යෝග්‍ය සංවර්ධන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා ප්‍රජාව සහභාගි කරගැනීමේ අරමුණින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි. 
     
    මෙහිදි පැමිණි සිටි ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම නිලධාරීන්, ප්‍රජාමූල සංවර්ධන නායකයින්, ආර්ථික සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් හා මහජනතාව ග්‍රාමීය ගැටළු, අදහස් හා යෝජනා ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කරනු ලැබීය.   
     
    මෙම අවස්ථාවන් සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල වැඩබලන ප්‍රාදේශිය ලේකම් ජී.එස්.කේ. කන්නන්ගර, සහකාර ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ යන මහත්වරු, පළාත් පාලන නියෝජිතයෝ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීහු, ප්‍රජා නායක නායිකාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    DB
     
    MP WW KADUWELA 1
     
     
     
     
    MP WW KADUWELA 2
     
     
     
    MP WW KADUWELA 3
     
     
     
    MP WW KADUWELA 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya