ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ආහාර දිනය අද

    ඔක්තෝබර් 16, 2015
    ලෝක ආහාර දිනය අදට (16) යෙදී ඇත. ප්‍රථම වරට ලෝක ආහාර දිනය සමරමින් කුසගින්නෙන් පෙළෙන්නන් සඳහා විවිධාකාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත්තේ 1979 වර්ෂයේදී ය.
     
    මෙවර ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ සමාජ අරක්ෂණය සහ කෘෂිකර්මය ග්‍රාමීය දිළිඳු බවේ චක්‍රය බිඳ දැමීම යන්නයි.
     
    සෑම වසරකදීම ලෝක ජනගහනයෙන් මිලියන 180ක ජනයා කුසගින්නෙන් පෙළෙන ජනගහනයට එක් වේ. ලෝක කාන්තා ජනගහනයෙන් 60%ක් ඊට ඇතුළත් වේ. ලෝක ළමා ජනගහනයෙන් සෑම වසරක ම මිලියන 5ක පමණ ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 
     
    මෙම දිනය වාර්ෂිකව සමස්ත එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සමරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya