ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අධිකරණ ඇමැති කතානායකගෙන් ඉල්ලීමක් කරයි

    ඔක්තෝබර් 17, 2015

    ශ්‍රී ලංකාව තුළ වැඩිවෙමින් පවතින අපරාධ මැඩ පැවැත්වීම හා නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමේ අරමුණින් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි.

    අධිකරණමය කටයුතුවලදී ගත යුතු ක්‍රියාමාර්ග සහ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන, සිවිල් සහ අපරාධ නඩු වලදී සිදු වන ප්‍රමාදයන් වලක්වා ගැනීම පිණිස අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත් හා අලුතින් පැනවීමට අවශ්‍ය සහ සංශෝධනයට ලක් කළ යුතු නීති රීති කුමක්ද යන්න පිළිබඳ කරුණු අමාත‍්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.

    ඒ මහතා පෙන්වා දෙන්නේ එම කරුණු සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කල යුතු බවයි.

    එය මාස 6ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන්කවර කාලසීමාවක් තුළ කාරකසභාවට සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකතුමාගේ අවධාණයට යොමු කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය අවධාරණය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya