ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2016 අයවැයෙන් ජීවන තත්ත්වය ඉහල යන දිර්ඝකාලින වැඩසටහනක් Featured

    ඔක්තෝබර් 19, 2015
    2016 අයවැය  මගින්  ජනතාවගේ  ජීවන තත්ත්වය  ඉහල දැමිම සඳහා වන  රජයේ  දිර්ඝකාලින  වැඩසටහනේ පළමු පියවර  තබන බව, එක්සත් ජාතික පක්ෂයේ උපනායක,  මුදල් අමත්‍ය රවි කරුණානායක  මහතා  අවධාරණය කරයි.
    යෝජිත අයවැය  මගින්  සමාජයේ  සියලු ජන කොටස්  වෙත  පුළුල්  සහන  වැඩපිළිවෙළක් හඳුන්වාදිම  රජයේ අරමුණ වි ඇති බවද  අමාත්‍යවරයා කියා සිටියි.  මේ වන විට  අයවැය යෝජනා  සඳහා   ඇතුළත් කිරීමට  ජනතාවගේ අදහස්  ලැබෙමින්  පවතින බවත්  පෙන්වා දෙන රවි කරුණානායක  මහතා  එම අදහස්  රටේ ඉදිරිගමනට ශක්තියක් වන බවද සඳහන්  කරයි.
    ජනතාවගෙන්  ලැබී තිබෙන යෝජනා  සලකා බැලිම වෙනු වෙන්,  මුදල් අමාත්‍යාංශයේ  නිලධාරීන් කැඳවා   පැවැති  විශේෂ සාකච්ඡාවකදි  අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    2016  අයවැය  යෝජනාවලියට ඇතුලත්  කිරිම සඳහා  මුදල්  අමාත්‍යාංශය  මහජනතාවගෙන්  කළ  ඉල්ලීමට   ප්‍රතිචාර ලෙස  මේ  වනවිට  යෝජනා  දහසකට  ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ. මෙම යෝජනා, පුද්ගලික වශයෙන් මෙන්ම ආයතන, සංවිධාන   හා  නිර්නාමික වශයෙන්  යොමු කර ඇත.
    අදාල යෝජනා  මුදල්  අමත්‍ය රවි කරුණානායක  මැතිතුමාගේ  පුර්ණ අධීක්ෂණයට   ලක්ව තිබේ. ප්‍රධාන විෂය දහයක් යටතේ එම  යෝජනා  සලකා  බලනු ඇත.
    රැකියා උත්පාදනය  හා  ඒ  ආශ්‍රිත ගැටලු, රාජ්‍ය අංශයේ  ප්‍රතිසංස්කරණ,  යටිතල  පහසුකම්  සංවර්ධනය,   මුල්‍ය  අංශය, කෘෂිකාර්මික, ආයෝජන   ප්‍රවර්ධන  හා  කර්මාන්ත, අධ්‍යාපන හා  සෞඛ්‍ය, සමාජ ජීවිතය  ගොඩනැගීම, දිළිදු  සහනාධාර  කුඩා හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  සංවර්ධනය   මෙසේ  අවධානයට  ලක්වන විෂයයන් වේ.
    2016 වසර සඳහා වන  අයවැය යෝජනාව  ලබන  නොවැම්බර් මස  20 දින  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya